එදා රත්තරං මැණිකක් වූ කොවිෂීල්ඩ් එන්නත මෙදා නරක් වුණේ ඇයි?

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා “කොවිෂීල්ඩ්” එන්නත් මෙරටට ප්‍රථම වරට ලැබුණේ ජනවාරි 28 දාය.

මෙම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයින්ට, කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන්ට හිමි විය. පළමු මාත්‍රාව ලබාදී සති 3කට පසු දෙවැනි මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව එකල පැවසුවේය.

දෙවැනුව එන්නත්කරණය වයස අවුරුදු 60 වැඩි අයට ලබා දීමද, අවදානම් ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින්ට ලබා දීමද සිදු විය. මේ එන්නත ගැන එකල නොයෙක් කථා පැතිරුණද රජය පැවසුයේ එන්නතට කිසිදු බිය වීමක් නොවන ලෙසටය. නමුත් මේ එන්නත ලබා ගැනීමට ප්‍රථම එන්නත ලබා ගන්නා තැනැත්තා එන්නත ලබා ගැනීමට කැමැත්ත පළ කරමින් අත්සන් කළ යුතුව තිබුණි.

මේ කාලයේ මරණ කිහිපයක් සිදු වුවද ඒ්වා එන්නත නිසා සිදු වුවායැයි  රටේ කථා පැතිරුණද අදාල බලධාරීන් මුණිවත රැකීය.

කල් පහුවෙන විට මේ කොවිඩ් එන්නත මුල් කර ගත්තා මිස රජය විසින් පවත්වාගෙන ගිය PCR ක්‍රියාවලියද දිනෙන් දිනම අඩු විය. එමෙන්ම දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු කාලයද සති 10 දක්වා දීර්ඝ කෙරුණි.

මේ එන්නත ලබා දෙන දින වල රජයේ / පුද්ගලික රෝහලකට ගියත් විමසන්නේ එන්නත ලබා ගෙන ඇත්ද? යන්නය.

නමුත් දැන් ඒ සියල්ල වෙනස් වී ඇත.

පහුගියදා (21) පාර්ලිමේන්තුවේදී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ ප්‍රශ්නයකින් විමසා සිටියේ එන්නත්කරණ වැඩ පිලිවෙල පිලිබඳවය.

එහිදී ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී තහවුරු කර සිටියාය.

එසේම මෙම එන්නත ලබා ගැනීමෙන් සති කිහිපයකට පසුව රුධිරය කැටි ගැසුණු රෝගීන් වෙනත් රටවලින් ද වාර්තා වී ඇතැයි කී ඇමතිවරිය මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මිලියනයකට 4ත් 6ත් අතර 4ත් 6ත් අතර ප්‍රමාණයකින් බවද සඳහන් කළාය.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සෘජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නැතැයිද කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇතිවිය හැකි ආබාධ සමඟ සංසන්දනය කිරීමේ කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාව ඉතා අල්ප බවත් එන්නත්කරණය තුළ ඇතිවිය හැකි කලාතුරකින් ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරනය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකි බවත්  ඇය එහිදී පැවසුවාය.

එසේම දැනට භාවිතා වන බොහෝ එන්නත් වලින් ලක්ෂයකට එක් අයකුට උගුරේ ආසාත්මිකතා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් ඇය සඳහන් කර තිබුණි.

එන්නත්කරණයෙන්  තිදෙනෙකු මිය ගිය බව රජය විසින් නිල වශයෙන් තහවුරු කළ ප්‍රථම අවස්ථාව මෙදිනය. එතෙක් රට පුරා පැවතියේ කටකථාය.

මේ අතර දෙවැනි මාත්‍රාව සම්බන්ධයෙන්ද මේ වන විට ගැටලු රැසක් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුලින්ම පැන නැඟී ඇත. රජය දෙවැනි මාත්‍රාව මැයි මස සිට ලබා දෙන බව පැවසුවත් බොහෝ වෛද්‍යවරුන් මෙවර එහි වගකීමක් ගැනීමට සුදානම් නැත.

ඔවුන්ගෙන්  ඩොක්ටර් දැන් දෙවැනි මාත්‍රාව දෙනවද? කියා ඇසු විටම ඔවුන් පවසන්නේ අම්මෝ දෙවැනි එක ගහන්න නම් අපි භාර ගන්නේ නැහැ යනුවෙනි.

එසේම මේ දිනවල රෝගී වී රෝහලකට හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියත් ඩොක්ටර් මට කොවිඩ් බෙහෙත විඳලා තියෙන්නේ කියා පැවසුවත් දැන් එය තඹසතේකට ඔවුන් මායිම්  නොකරන තත්ත්වයකට පත්ව ඇත. මේ තත්ත්වය මතු වුයේ ඔවුන්ද තුලද මේ එන්නත පිලිබඳ විශ්වාසය පළඳු වීම නිසා නොවේද?

-ශානි-

Social Sharing
නවතම