ඉන්ජෙක්ෂන් වැකේෂන් එක ඉන්න නිසා තෙවැනි රැල්ලත් අත ළඟ…

PCR පරීක්ෂණ ප්‍රමාදයට හේතුව රජයේ රසායනාගාර වල ධාරිතාව පිලිබඳ ගැටලුවක් නොවන බවත් මෙය පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමණාකරණයේ දුර්වලතාවයක් වන අතර අද රසායනාගාර සේවාව කළමණාකරණය කරන්නේ ඒ පිලිබඳව මල පොතේ අකුරක්වත් දන්නේ නැති කණ්ඩායමක් යැයි වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

එමෙන්ම මේ සෞඛ්‍ය කණ්ඩායම් සහ ජනාධිපති කාර්ය සාධක බලකා උද්දච්ඡකමකින් පසු වෙන බවත් කාර්ය සාධනය නිසි අයුරින් සිදු නොවන බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ PCR පරීක්ෂණ පමණක්  කිරීමට ලංකාවේ රසායානාගාර 15 ක් පමණ ක්‍රියාත්මක වෙන බවත් නමුත් අද වෙනකම් රසායානාගාර කළමණාකරුවන් හෝ රසායනාගාර වෘත්තිය සමිතියක් සමඟ හෝ රසායානාගර සේවාවේ විද්වත් වෘත්තිය කණ්ඩායමක් හෝ කැඳවා මේ කටයුතු සම්බන්ධීකරණ වන ආකාරය පිලිබඳ සැලසුමක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැති ඇමතිවරුන්ට මෙන්ම රටේ ජනාධිපතිවරයාටද නොහැකි වී ඇති බවය.

මාධ්‍ය පවසන පරිදි PCR පරීක්ෂණ ගොඩ ගැසී ඇති බවත් වෛද්‍ය පර්යේෂණායතනයේ පමණක් මේ වන විට PCR පරීක්ෂණ 5000 – 6000 ක් අතර ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව හෙතෙම පවසයි.

එමෙන්ම අනුරාධපුර රෝහලේ 1500 ක පමණ ප්‍රමණයක්, බණ්ඩාරනායක ගුවන්තොටුපලේ 1000 කට අධික ප්‍රමාණයක්ද ඒ අතර වෙන බව ඔහු පෙන්වා දෙයි.

දැන් PCR පරීක්ෂණ ඇත්තේ ගොඩගැසි පමණක් බවද ඉදිරියේදී PCR පරීක්ෂණ නොකර ඉඳිමට සිදුවුවහොත් එයද කිරීමට සිදු වෙන බව අවධාරණය කර සිටින රවී කුමුදේශ් මහතා පවසන්නේ රජයේ කිසිඳු අවධානයක් මේ ගැන නොමැතිව රසායානාගර සේවාව පවත්වාගෙන යා නොහැකි බවය.

මේ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්නේ එන්නත් වැකේෂන් ඒකක බවත් මීට පෙරද මැතිවරණ වැකේෂන් එකක් තිබූ බවත් ඒ කාලයේ පළමු රැල්ල අවසාන කිරීමටත් මත්තෙන් දෙවැනි රැල්ල ආරම්භ වූ බවද ඔහු පෙන්වා දෙයි.  මේ ඉන්ජෙක්ෂන් වැකේෂන් එක තුල තෙවැනි රැල්ලකට අත වනමින් සිටිනවා යැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු නවීන තාක්ෂණයෙන් යුත් PCR යන්ත්‍රය මාස තුනක් තිස්සේත් ස්ථාපනය කරගැනීමට රජයට නොහැකි වී ඇති බව

“බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට මේ වෙනකොට ඉතා විශාල වටිනාකමක් තියෙන, පැය එක හමාරකින් PCR පරීක්ෂණ වාර්තාවක් දෙන්න පුළුවන් උපකරණයක් පරිත්‍යාග කරලා තියෙනවා. දැන් මාස තුනක්! සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හරි අධ්‍යක්ෂ ජනරාල්වරයාට හරි ජනාධිපතිවරයාට හරි අපි පැහැදිලිවම කියනවා බැරිවෙලා තියෙනවා මේක ස්ථාපනය කරන්න.

එතකොට මේක ස්ථාපනය කළා නම් පැය අටෙන් අපි කරන PCR පරීක්ෂණය පැය එක හමාරෙන් කරනවා. මේවා ගෙනල්ලා දෙන්න කියලා කියලා කියලා බැරිමතැන අපේ මැසිවිල්ල අහලා පරිත්‍යාග විදියට මේවා හම්බුණාමවත් ඒවා හරි විදියට ස්ථානගත කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරිවෙලා තියෙනවා. ඒ බැරිවීමේ ප්‍රතිඵලය අද අපේ රටේ මිනිස්සු භුක්ති විඳිනකොට ඒක නැවත වතාවක් අපට ඇඟිල්ල දික්කරන්න එපා කියලා තමා අපි කියන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Social Sharing
නවතම