රජයෙන් “උදයංග පොකුරක්” – පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්

කොවිඩ් තෙවැනි රැල්ල ආරම්භ කිරීමේ මුලික කටයුතු මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.

නුදුරු දිනෙකදීම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර අභිබවා උදයංග වීරතුංග පොකුරක් බිහි වෙනු බවද රජය මේ කරන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමක් නොවන අතර කූප්‍රකට රතු වරෙන්තුකරුවාගේ මඩිය තර කර ගැනීමට කරන උත්සහයක් බවද කියා සිටියි.

යුධ සමයේදි මිග් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 14 ක අලාභයක් මේ රටට කරපු අයෙක් වන උදයංග වීරතුංග  තවත් ප්‍රසිද්ධ වන්නේ යුක්රේනයේ සිට ත්‍රස්තවාදින් සමඟ අවි ගණුදෙනු කළ බවට බවත් ඒ අනුව පහුගිය කාලයේ ඔහුට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වු බවත් පෙන්වා දෙන උන් වහන්සේ පවසන්නේ අද ඔහු ලිපිනය හැටියට භාවිතා කරන්නෙත් අරලියගහ මන්දිරයේ ලිපිනය බවය.

ආණ්ඩුව මුල සිටම කොරෝනාව වසන්තයක්, ගරානාවක් කර ගැනීමට උත්සහ ගත් බවත් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කළ බවත් උන් වහන්සේ පවසයි.

එහි අනිටු ප්‍රතිඵලයක් ලෙස වසංගතය මර්ධනය කිරීමට තිබු සෑම අවස්ථාවකම රජයේ අදූරදර්ශී ක්‍රියා පිලිවෙත නිසා මඟ හැරී ගිය අතර මේ කොරෝනා වසංගතයට මුහුණ දීමට ආණ්ඩුවට විධිමත් වැඩපිලිවෙලක් නොතිබු නිසා ජීවිත 200 කට වැඩිය මේ වෙනුවෙන් බිලි දි ඇතැයිද උන් වහන්සේ කියා සිටියි.

රට විරුවන්ට මව් බිමට ඒමට තිබු අයිතිය පවා මේ ආණ්ඩුව පැහැර හැර ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන සැලකිල්ල ඉතා නින්දා සහගත බවත් මොවුන් සම්බන්ධයෙන් රජය මෙතෙක් ක්‍රියා කර ඇති ආකාරය පිලිබඳ කිසිම  සෑහීමකට පත් විය නොහැකි යැයිද උලපනේ හිමියන් කියයි.

රජය අද සිදු කරන්නේ ඔවුන්ගේ ගජ මිතුරන්ට ජාවාරම් කිරීමෙන් මේ රට විරුවන්ව දුරාකෑමට ඉඩ හැරීම බවත් පෙන්වා දෙයි.

 

Social Sharing
නවතම