කෝවිඩ් වසංගත තත්වය දරුණු අතට..!

කෝවිඩ් 19 වසංගතය මේ වන විට මුලු ලෝකයම වෙලාගෙන තිබේ. අද වන විට කෝටි 10කට වැඩි පිරිසකට මෙම රෝගය වැළදී ඇති අතර, ඉන් ලක්ෂ 22 කට වැඩි ප්‍රමාණයක් අද වන විට මෙම වසංගතයෙන් මියගොස් තිබේ. ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය ඇතුලු රටවල් හයකින් මෙම රෝගීන්ගෙන් කෝටි 5කට වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වේ. යුරෝපය ඇතුලු සියලුම බලවත් රාජ්‍ය මෙම වසංගතයෙන් තවමත් දැඩිව පීඩා විදිමින් සිටී.

මෙම වසංගතයට මුහුණ දීම සදහා එංගලන්තය, ඇමරිකාව, චීනය, ප්‍රංශය, රැසියාව, ඉන්දියාව යන රටවල් කොවිඩ් මර්ධන ඒන්නත් කිහිපයක් මේ වන විට නිපදවා තිබේ, දැනටමත් ඒම රටවල් විසින් අධියර කිහිපයක් ඔස්සේ තම පුරවැසියන් වෙත ඒම ඒන්නත් ලබාදෙමින් සිටී.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිශීල්ඩ් නම් ඒන්නතෙන් මාත්‍රා ලක්ෂ 6 ක් පසුගියදා පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, මේ වන විට ශ්‍රී ලංකාවත් ඒම ඒන්නත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත ලබාදෙමින් සිටී.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ ලෝක ජනග්‍රහණයෙන් 60%කට පමණ ඒන්නත් කරණය සිදු කෙරෙන තෙක් මෙම වසංගතය පාලනය කිරීමට අසීරැ වන බවයි.

කෝවිඩ් වසංගතය යම් කිසි මට්ටමකින් පාලනයක කරමින් සිටි ලංකාව තුළ පසුගිය සති කිහිපයේ දී ඒම පාලනය යම් මට්ටමකට ගිලිහෙමින් පවතින බවක් පෙනෙන්නට විය. රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගෙ ප්‍රකාශ කලේ මේ වන විට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළින්ම 5%ක් ඉක්මවා රෝගීන් වාර්තා වෙමින් පවතින බවයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ මේ තත්ත්වය තරමක් දුරට හෝ පාලනය කිරීම සදහා දිනකට සිදු කරමින් සිටින පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 15,000 සිට අවම වශයෙන් 20,000 දක්වා හෝ වැඩි කළ යුතු බවයි. මෙම රෝගය වේගයෙන් පැතිරෙමින් පවතින රත්නපුරය, කුරුණෑගල, වැනි දිස්ත්‍රිකයන් වෙතත්, කොළඹ ජාතික රෝහල හා කළුබෝවිල රෝහල වැනි ප්‍රධාන රෝහල් පද්ධතිය තුල පීසිආර් පරීක්ෂණ යන්ත්‍ර තවමත් නොමැතිවීම විශාල ගැටලුවක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඒමෙන්ම, පසුගිය නොවැම්බර් 1 වන විට ශ්‍රී ලංකාවේ කෝවිඩ් මරණ වාර්තා වුයේ  21 ක් ලෙසයි, නමුත් අද වන විට ඒම සංඛ්‍යව 313ක් දක්වා වැඩි වී තිබේ. ඒමෙන්ම, රෝගීන් වාර්තා වීමද වේගයෙන් වැඩි වී ඇති අතර පසු ගිය සති දෙක තුළ පමණක් රෝගීන් 750-850ත් අතර ප්‍රමාණයක් දිනකට වාර්තා වෙමින් තිබේ.

 

Social Sharing
නවතම