බන්ධනාගාර නිලධාරීන්ට විශෝධන සේවයක්!

බන්ධනාගාර නිලධාරීන් ගැන මුලු රටක්ම කථා කරන්නට වුයේ පහුගිය දිනෙක සිදු වූ මහර බන්ධනාගරයේ සිද්ධියත් සමඟිනි. මෙහිදී රැඳවියන් මිය යාම, තුවාල ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබුයේ මේ බන්ධනාගාර නිලධාරීන්ය.

නමුත් සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිය රැකියාව නිසා මානසික අසහනයට පත් වුවෝ වෙති. තරඟ විභාගයකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව හිමි කරගන්නා මොවුන්ට පුහුණු කිරීම්, උසස් වීම් ක්‍රමානුකූලව ලබා දිය යුතුව ඇත.

නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා සේවා ව්‍යවස්ථාවක් නොතිබිම නිසා මේ කිසිඳු කාර්යයක් ක්‍රමානුකූලව මෙතෙක් කාලයක් සිදු වී නොමැත.  ඔවුන්ගේ ගැටලු පහුගිය කාලය පුරාම පැවතිණි.

විවිධ ගණයේ රැඳවියන් හා කටයුතු කරන බන්ධනාගාර නිලධාරියා දිරි ගැන්වීම් කරමින් නිසි පුහුණුවක් ලබා දීමට කටයුතු කළ යුතු බව වාර්තා වල සඳහන් වුවත් ඒවා ක්‍රියාත්මක වුයේ නැත.

මේ නිසා බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරී සංගමයේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස වත්මන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් බන්ධණාගාර නිලධාරීන් වෙනුවෙන් නව සේවා ව්‍යවස්ථාවක් සකස් කර ඇත.

එය බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වෙත ලබා දීම ඊයේ (04) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  සිදු විය.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කර සිටියේ බන්ධනාගාර සේවය විශෝධන සේවයක් බවට පත් කිරීමට අවැසි කරුණු සලකා බලා එයද ක්‍රියාත්මක කරන බවය.

එමෙන්ම සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ගෙනවිත් මරණ දණ්ඩනය නියම වී සිටින අයට ජිවිතාන්නතය දක්වාත් ජිවිතාන්තය දක්වා සිටින රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කර සිර ගෙවල් වල පවතින තදබදය අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු  පවසයි.

නොවැම්බර් 02 දා තමන් වැඩ බාර ගත් දා සිට මේ මොහොත වන විට සිරකරුවන් හා සැකකරුවන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ඇතැයි කීහ.

එමෙන්ම බන්ධනාගාර සේවය විශෝධන සේවයක් බවට පත් කිරීමට අවැසි කරුණු සලකා බලා එයද ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියි.

බන්ධනාගාර වල සිටින රැඳවියන් පාලනය කර ගරනීමට අපහසු බන්ධනාගාර නිලධාරී හිඟය නිසා බවත් මේ වන විට 1400 ක නිලධාරි හිඟයක් පවතින බවත් ඒ නිසා පොලිස්  විශේෂ කාර්ය බලකාය යොදවා ආරක්ෂක කටයුතු සිදු කෙරන බවද හෙතෙම පවසයි.

Social Sharing
නවතම