දෙරණට එරෙහිව ”දම්පල් දරුවෝ” ගෙන් පැමිණිල්ලක්!

දෙරණ මාධ්‍ය ආයතනය සහ පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ විධිවිධානයන් උල්ලංඝනය කරමින් ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සම්බන්ධව අද (08) දින ”දම්පල් දරුවෝ” ජාතික සංවිධානය පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පසුගිය දිනවල විකාශයවූ  පොදු නැමති ටෙලි නාට්‍යයේ විකාශයවූ ඇතැම් දර්ශන තුළින් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් බවට නිරීක්ෂණය වූ බවත්  එමගින් දෙරණ ආයතනයේ හිමිකරු වන දිලිත් ජයවීර මහතා, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානීන් සහ පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට චේතාන්විතව කඩකරමින් වරදක් කරඇති බවට සාක්ෂි සහ තොරතුරු සහිත ලිඛිත පොලිස් පැමිණිල්ලක් කොළඹ කළ බව එහි මහ ලේකම් මහේෂ් රංගන ජයරත්න මහතා පවසයි.

2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ 35 (1) වගන්තියට අනුව ”කිසිම තැනැත්තෙකු විසින් දුම්කොළ ප‍්‍රචාරක දැන්වීමක් හෝ මද්‍යසාර පිළිබඳ ප‍්‍රචාරක දැන්වීමක් පළකිරීම, පළ කරනු ලැබීමට සැලස්වීම හෝ පළ කිරීමට බලය ලබාදීම නොකළ යුතුය.” එම විධිවිධානය උල්ලංඝනය කරන තැනැත්තෙකු එකී පනතේ 35(3) උප වගන්තියට අනුව ”මෙකී පනත යටතේ වරදකට වරදකරුවකු වන අතර, මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේදී රුපියල් මිලියන දෙකකට (ලක්ෂ 20) නොවැඩි දඩයකට යටත් විය යුතු බව” පැහැදිලිව දක්වා ඇති අතර පසුගිය දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ”පොදු” නැමති ටෙලිනාට්‍ය තුළ ඉහත 04 වන කරුණේ දැක්වෙන පරිදි වරදක් සිදු කරමින් දුම්කොළ හා මද්‍යසාර සඳහා ප‍්‍රචාරයක්, ප‍්‍රචාරය සදහා අනුබල ලබාදීමක් සිදුකර ඇති බවට මෙම පැමිණිල්ලේ වැඩිදුරටත්  සඳහන් කර ඇත.

මෙම අවස්ථාව සඳහා දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍්‍රපති පූජ්‍යපාද යහමුල්ලේ අනුරවංශ හිමිපාණන් වහන්සේ සහ දම්පල් දරුවෝ ගිහි අනුශාසක ආචාර්ය ප‍්‍රීති කුලතුංග, ගිහි අනුශාසක නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි, මහලේකම් මහේෂ් රංගන ජයරත්න, නියෝජ්‍ය ලේකම් මාධව සංජීව විජයරත්න යන මහත්ම මහත්මීන් සහභාගීවූහ.

Complaint against Derana Media Institute Dampal Daruwo National Organization

Complaint against Derana Media Institute Dampal Daruwo National Organization

Social Sharing
නවතම