දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති

ali

තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ  එල්. ටී .ටී. ඊ සැකකරුවන් හමුවීම මෙන්ම බන්ධනාගාර පහසුකම් හා ආරක්ෂාව වැනි කාරණා නිරීක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර වෙත ගොස් පැමිණීමෙන් පසුව  මාධ්‍ය හමුවේ අමතමිනි. තමන් උතුරේ බන්ධනාගාර වලට මාරු කරන ලෙස ඉල්ලා සීටියේ ආරක්ෂාවේ ගැටලුවක්  නිසා නොව තම පවුල්වල පිරිසට තමන්ව බැලීමට පදිංචි ස්ථාන වෙත පහසුවෙන් ළඟා…

Read More

මැතිවරණ ඉතිහාසයේ ‌තීරණාත්මක නඩු තීන්දුවක් මොණරාගලින්!

court

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ තීරණාත්මක නඩු තීන්දුවක් ඊයේ ( 13) මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් ලබා දී තිබේ. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමිනි. ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කරන ලදී. මෙය ශ්‍රී ලංකා මැතිවරණ…

Read More

මැතිවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්!

මැතිවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්!

එළැඹෙන 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳව විශේෂ මාර්ගෝපදේශමාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. 1978 ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවට අදාල ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව ජනතාව සතු ඡන්දය ප්‍රකාශය කිරිමේ අයිතියත්, නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති අයිතියත් පිළිගනු ලබයි. එම පිළිගැනීමට අනුව ඡන්දය පැවැත්වෙන දිනය දක්වාත්, ඡන්දය පැවැත්වෙන දිනයේදීත්, ඡන්දය අවසන් වු කාල සීමවේදිත් සියලුම පොලිස් නිලධාරීන් මෙම මාර්ගෝපදේශ පිලිපැඳිය යුතු වේ. එනම් මැතිවරණයට පෙර, මැතිවරණ දිනයේ, මැතිවරණ දිනයට පසු දිනවල සිදු වන හිංසනයන් පිලිබඳ…

Read More

අගමැති ගෝලයන් රටේ සංස්කෘතිය විනාශ කරද්දී, එල්ලාවල හිමියන් අද බවුන් වඩනවා! – ජාතික භික්ෂු පෙරමුණ

අගමැති ගෝලයන් රටේ සංස්කෘතිය විනාශ කරද්දී, එල්ලාවල හිමියන් අද බවුන් වඩනවා! - ජාතික භික්ෂු පෙරමුණ

කොමිෂන් පත් කිරීම තුළින් කුරුණෑගල අපරාධය යට ගහන්න අගමැතිවරයා උත්සාහ ගනිමින් ඉන්නවා. අපි දන්නවා මේ රටේ පිහිටි වු කොමිෂන්  වලට වූයේ කුමක්ද කියා. ඒ නිසා කොමිෂන් පත් කරල නිකන් කාලය කාදමන්නේ නැතිව කුරුණෑගල නගරයේ පිහිටි රාජසභා  මණ්ඩපය විනාශ කළ නගරාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් තංගල්ලේ ඊයේ (19)  පැවති මාධ්‍ය හමුවෙදී අවධාරණය කළේය. කුරුණෑගල නගරයේ  පිහිටි 13 වැනි සියවසට අයත් බවට සැළකෙන ‌ඓතිහාසික රාජසභා මණ්ඩපය කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා විසින් කඩා දැමීම තුළින් පිළඹිබු වෙන්නේ රට තුළ ක්‍රියාත්මක වෙන දේශපාලන අන්තවාදය බව ද ජාතික…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලෙන් කොරෝනා බරපතල තත්ත්වයක – රවී කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලෙන් කොරෝනා බරපතල තත්ත්වයක - රවී කුමුදේශ්

ලංකාවට කොරෝනා එනවිට PCR පරීක්ෂණ 4000 ක් වුවත් කිරීමේ ධාරිතාවක් තිබු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ඒ පිලිබඳ ලොකු උනන්දුවක් නොදැක්කුව නිසා දැනට ඒ PCR යන්ත්‍ර 36 භාවිතා කිරීමට නොහැකි වී ඇතැයිද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මුල් අවස්ථාවේදීම අනවශ්‍ය ආකාරයට මේ දෙය වියවුල් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ උත්සහ ගත් බවත් අමාත්‍යාංශ යට අයත් නොවන රසායනාගාර වලට මේ පරීක්ෂණ ලබා දුන් බවත් එහිදී ඔවුන්ට මේ පරීක්ෂණ වාර්තා වෙනස් කළ හැකි බවද දැනට මේ ආකාරයෙන් 14 හෝ 15 ක් වැරදි ප්‍රතිඵල වාර්තා නිකුත් කර තිබෙන බවද…

Read More

අපි ජේවීපී එකේ කුක්කො නෙමෙයි – මහාචාර්ය කුමාර් ඩේවිඩ්

තීරණාත්මක අවස්ථාවකදී පවා සෙසු වාමාංශික පක්ෂ හෝ වාමවාදීන් සමග පොදු එකඟතාවක් ඇති කරගන්නට අසමත් ජනතා විමුක්ති පෙරමුණ සමග ඔබ ප‍්‍රමුඛ පැරණි වාමාංශික නායකයන් පිරිසක් ජාතික ජන බලවේගය නමින් සන්ධානගත වන්නේ කවර පදනමකින්ද? මමත් අපේ සමහර අයත් වම එකට එකතු කරන්න අවුරුදු තුනක් විශාල වැඩ කොටසක් කළා. සම්මන්ත‍්‍රණ තිබ්බා. ඩොකියුමන්ට් ලිව්වා. ග‍්‍රීස්වල ලෙෆ්ට් එලායන්ස් එක සාර්ථක වුණ මොඩල් එක අරගෙන මෙහෙත් වමේ බලයක් ගොඩනඟන්නයි අපි අදහස් කළේ. ඒ එක්කහු කිරීමට ලංකාවේ තිබෙන ලොකුම වාමාංශික පක්ෂය වන ජේවීපී එක අත්‍යවශ්‍යයයි. 2019දි ජේවීපී එක ජාතික ජන බලවේගය කියලා පළල් ඩිමොක‍්‍රටි එලායන්ස් එකක් කැඳෙව්වා.…

Read More

ගෙවීගිය පැය 24 ට ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් – WHO

රජය තවමත් කරන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමද?

ගෙවීගිය පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යවක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒම ප්‍රමාණය 259,448 බව වාර්තා වේ. මීට පෙර දිනයේ ද කොවිඩ් 19  රෝගීන් 237,743 සංඛ්‍යාවක් වාර්තා තිබේ. ඒමෙන්ම, පසු ගිය මාසයේ කොවිඩ් 19 මරණ සිදුවීමේ සාමාන්‍ය 4600ක් ලෙස පැවති අතර, ඒය ජූලි මාසයේ 4800 දක්වා ඉහල ගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අද වන විට ලොව කොවිඩ් 19 ආසදිතයින් ප්‍රමාණය මිලියන 14 ඉක්මවා ඇති අතර, වෛරසය ආසාදනයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ 6 ඉක්මවා තිබේ. මේ අතර ඊයේ දිනයේ පමණක් වෛරසය ආසදිතයින්…

Read More

හැම පොලීසියම අඟුලාන වගේද ? 1කොටස  – කේ. සංජීව

හැම පොලීසියම අඟුලාන වගේද ?

හද්ද පිටිසර අපේ ගමේ පැරැන්නෝ ඉස්සර කීවේ පොලිසියේ ඉන්නේ ලැයිසන් තියෙන පාතාලයෝ කියා ය. එනිසා කිසියම් කෙනෙක් පොලිසියේ අත්අඩංගුවට පත්වුණා නම් ඔහු ගුටි නොකා ගෙදර පැමිණියොත්, එය එම පුද්ගලයාටද බරපතල මානසික අවුලක් නිර්මානය කළා. ගමේ කෙනෙක් අපරාදක් කර හසුව පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ගමේ මිනිසුන් කයි ගැහුවේ ඕකා අද නම් මිරිස් ගෝනියේ බස්සයි, ඕකගේ අරක ලාච්චුවේ දායි, වැනි කතා කියමින් ය. මෙයින් පෙනෙන්නේ දුරාතීතයේ සිටම පොලිසියට අප බයවූ තරමය. අනෙක් පැත්තෙන් ඔවුන් නීතිය ආරක්ෂා කරන්නට, මිනිසුන් වධහිංසාවට ලක්කළ ආකාරය ගැනය. මේ වනවිට ලෝකයේ දියුනු රටවල් සැකකරුවන්ගෙන් අපරාදකරුවන්ගෙන් මිරිස් ගෝනියේ බස්සා,…

Read More