‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම

‘අපේ අහ කොහේද ලිලී මල් ‘ අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා ‘කවි කියන්නේ අකුරු පේළි නෙවෙයි. කවි කියන්නේ කොළ උඩ වචන වීදුරුවක් ඉහිරිලා නිදහසේ ගලාගෙන ගියාම ඇඳෙන සිත්තම්වලට’. ෆේස්බුක් නම් නව මාධ්‍ය නිසා අද කවියන් කිවිඳියන් සමාජයේ සුලබයි. ඒ සුලබ කවියන් කිවිඳියන් අතර අජානාගේ කවීත්වය දුලබයි.

‘අපේ අහා කොහේද ලිලී මල්’ කවි සංග්‍රහය 2021 අප්‍රේල් 24 වැනි දා සවස 4ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඒට්‍රියම් ශාලාවේදී එළිදැක්වෙනවා, මෙහිදී ප්‍රවීන ලේඛිකා සුනේත්‍රා රාජකරුණායක, ප්‍රවීන ලේඛක සමන් ආතවුදහෙට්ටි සහ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අදහස් දක්වනු ඇති.

Social Sharing
නවතම විශේෂාංග