නීතිඥ සංගමය හමුවේ ඇති අභියෝග – පිලිප් දිසානායක

ලබන 24 දා ඒනම්, තව දින දෙකකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතය. මෙම නිලවරණයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥයින් දෙදෙනෙකු තරග බිමට පිවිස තිබේ. ඒ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හා ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාය. මොවුන් දෙදෙනාම නීති විද්‍යාලයේ සමකාලීනයන් වන අතර, දෙදෙනාම නීති විද්‍යාලයේ සිටිය දී ඒහි සභාපති ධුරයන්ට පත් වෙමින් කැපී පෙනෙන සේවාවක් ඉටුකර ඇති පුද්ගලයින් දෙදෙනෙකු බවට සැලය.

මුලදී ඉතා සාමකාමීව හා ප්‍රථිපත්ති ගරුක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පැවති මෙවර නිතිඥ සංගම් මැතිවරණ ව්‍යාපාරය පසුව ඒහි උණුසුම වැඩිවත්ම, මෙහි ප්‍රධාන අපේක්ෂකයින්ට විශේෂයෙන් සාලිය පීරිස් මහතාට ඒරෙහිව අභූත චෝදනා ඉදිරිපත් කරන, ඔහු ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය හරහා පහත් ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයන් දියත් කෙරෙන ලංකාවට ගැලපෙන ආකාරයේ මැතිවරණ ව්‍යාපාරයක් බවට වර්තමානයේ මෙම මැතිවරණයත් පත්ව තිබේ.

ඒ හේතුව නිසා මටත් සාලිය පීරිස් ගැන වචන කිහිපයක් ලියන්නට සිත් විය, මෙම තරගයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් මා දන්නේ සාලිය පීරිස් මහතා පමණි. ඒ ඔහු දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ රටේ මානව හිමිකම් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව කතා කළ හා ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටි තැනැත්තෙක් වූ නිසාය.

හිටපු අගවිනිසුරුවරියක් වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, පටු දේශපාලණ වුවමානාවන් මත නීතියට පටහැනිව ඉවත්කර දැමීමට ඒරෙහිව පැණ නැගී ජනතා විරෝධයේ දී නීතිඥ ප්‍රජාව නියෝජනය කරමින් සිටි ප්‍රධාන නීතිඥයින් අතර සාලිය පීරිස් මහතා ද ඉදිරියෙන්ම පසු වූවාය. විසිරී සිටි නීතිඥයින් තම සංවිධානය වටා ඒකරාශී කරමින් ඇය ඉවත් කිරීමට ඒරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට මෙන්ම නීතිඥ ප්‍රජාවේ විරෝධය සංවිධානය කිරීමට ද ඔහු මුල්වූවාය.

ඉන් පසුව ඔහු අපට මුණගැසෙන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස සිටිය දීය, ඒහි සභාපති ඇතුලු අනෙකුත් කොමසාරිස්වරුන් හා ඒක්ව ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම් වලට ඒරෙහිව කඩිනම් පියවර ගැනීමට මෙන්ම, මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා රජයට වෙත ඉතා වැදගත් නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, ලංකාවේ සිදු වූ ප්‍රධාන පෙළේ මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධව වහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය යාන්ත්‍රණයන් සැකසීමට සාලිය පීරිස් ඇතුලු කොමසාරිස්වරැන් පියවර ගත්තාය.

පසුගිය රජය විසින් ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය ඇති කිරීම සදහා ගොඩනැගූ යාන්ත්‍රණයේ ඒක් ප්‍රධාන කොටසක් වූ අතුරැදහන්වුවන් සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීමෙන් පසුව නැවත ඔහු අපට මුණගැසෙන්නේ ඒම කාර්යාලයේ සහභාපතිවරයා ලෙසිනි. අලුතින් ස්ථාපිත කළ ඒම කාර්යාල ශක්තිමත් කිරීමට ඔහු විශාල වැඩ කොටසක් සිදු කළේය. ඒ් සදහා උතුරේ මෙන්ම දකුණේ අතුරැදන්වූවන්ගේ පවුල්වල සමාජිකයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් මුණගැසෙමින් වීවිධ බාධක මධ්‍යයේ වුවත් ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කළාය.

දැන් ඔහු බාර ගැනීමට යන්නේ ඒවැනි තවත් විශාල අභියෝගයකි. ඒ නීතඥ සංගමයේ මුල් පුටුවයි. වර්තමානයේ අනෙකුත් සංගම් මෙන්ම, නීතිඥ සංගමයද බොඩ් ලෑල්ලක් බවට පත්වෙමින් තිබේ. මෙම සංගමය නියෝජනය කරන සමහර නීතිඥයින්‌ගේ ක්‍රියාකාරකම් නිසා දැඩි මහජන අප්‍රසාදයක් සමස්ත නීතිඥ ප්‍රජාව වෙතම ඒල්ල වෙමින් තිබේ. අධිකරණයන් හි පවතින අධික නඩු ප්‍රමාදය ඇතුලු විවිධ දූෂිත ක්‍රියා සදහා ද මෙම නිතිඥයින්ගේ සමහර ක්‍රියා ඉතා දැඩිව බලපා තිබේ. මෙම නීතිඥයින් විනය ගත කිරීම හා ආචාර්ය ධර්මික කිරීම නව සභාපතිවරයා හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි.

ඒමෙන්ම, රට තුළ නීතිය මත පාලනයක් ඇති කිරීමට මැදිහත්වීම, අධිකරණ ස්වාධීනත්වය හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා අධිකරණ ක්‍රමය පිළිබදව ගොඩනැගී ඇති ජනතා අවිශ්වාසය නැතිකර අධිකරණ ක්‍රියාවලිය වෙත ජනතාව යොමු කිරීම සදහා සැලැස්මක් සැකසීමත්, ඒම සැලැස්ම අන්අයගේද සහයෝගය ඇතිව ක්‍රියාවට නැන්වීම සදහා මූලිකත්වය ගැනීමත් නව සභාපතිවරයා හමුවේ ඇති තවත් අභියෝගයකි.

ඔහු මෙම අභියෝගයන් පිළිබදව පැහැදිලි අවබෝධයකින් සටනට පිවිසි ඇති බව පසුගිය දිනවල ඔහු සිදු කළ ප්‍රකාශ වලින් අපට පැහැදිලි විය. ඒමෙන්ම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පුලුල් හා ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමටත්, නීතිඥ ප්‍රජාවගේ සුභ සාධනය මෙන්ම මහජනතාවගේ සුභසාධනය සම්බන්ධවත් විශේෂයෙන් ඔවුන්ගේ නීති පිළිබදව දැනුම වර්ධනය කිරීමට දායකවන, ඔවුන්ගේ මානව හිමිකම් ගැටලු විසදීම සදහා සහාය දක්වන සංගමයක් බවට නීතිඥ සංගමය පරිවර්තනය කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇතැයිද අප විශ්වාස කරමු. අපි ඔහුට ජය පතමු.

පිලිප් දිසානායක

(ඡායාරෑපය ඔහුගේ මුහුණු පොතෙනි)

Colombo today සාලිය පීරිස් සමග පැවති කතාබහක්…

Social Sharing
නවතම විශේෂාංග