කාලකණ්ණි රටක ඉපදීමේ කරුමය මරණින් ගෙවූ පස්සර මිනිස්සු!

මේ රට පුදුම කාලකණ්ණි රටක්. මේ රටේ කිසිම දේකට නීතියක් පාලනයක් සිස්ටම් එකක් නැහැ. සුද්දෝ හදලා දුන්න සිස්ටම් සේරම කළු සුද්දෝ නිදහසින් පස්සේ මේ අවුරුදු 70 අස්සේ කාලා දාලා ඉවරයි. ඒකට හේතුව ඩී එස් ගේ ඉදලා ආපු පාලකයෝ. ජේ ආර් ජයවර්ධන ඇරුණාම මුන් එකෙකුටවත් මේ රට ගොඩනඟන්නේ කොහොමද සුද්දගේ සිස්ටම් එක නවීන කරගෙන ලෝකයට අනුව ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා අදහසක් මතයක් දැක්මක් තිබුණේ නෑ. ඉතිං දැන් තියෙන්නේ රටක් නෙවෙයි මරණාධාර සමිතියක් වගේ එකක්. එහෙම පසුබිමක පස්සර බස් අනතුර ගැන මගේ අදහස තමයි මේක. දැනට මේ අනතුරින් 14ක් මැරිලා. 30කට තුවලයි. ඒ අතරිනුත් පස්දෙනෙක් ඉන්නේ අසාධ්‍ය තත්ත්වයෙන්.

නිදහසින් පස්සේ අපි කරපු ලොකුම වැරදිවලින් එක වැරැද්දක් තමයි පුද්ගලික බස් කර්මාන්තය සඳහා ඉඩදීම. මේ ඉඩදීමේ ප්‍රතිපලය තමයි අද වෙනකොට බස් රථ 25000ක් බස් හිමියෝ 10000ක් විතර ඉන්න විපරිත බස් මාෆියාවක් ගොඩනැගීම. අපිට මොළය තිබුණනම් ලංගමය එක්ක තරඟ කරන්න පුළුවන් තවත් පුද්ගලික බස් සමාගම් දෙකක් හෝ තුනක් නියමිත ක්‍රමයකට ගොඩනගන්න අද අපි මුහුන දෙන මේ අමිහිරි අවාසනාවන්ත තත්ත්වය උදා නොවෙන්න ඉඩ තිබුණා.

මම අවුරුදු 30කට වඩා පුද්ගලික බස් පාවිච්චි කරලා ගමන් බිමන් යන මනුස්සයෙක්. බස් එකට නැග්ග තැන ඉදලා සල්ලි දීලා ඔලුවට ප්‍රශ්න ගොඩක් දාගන්න තමයි තියෙන්නේ. කංකරච්චල් සංගීතය, බස් ඇතුලේ තියෙන තොරණ් බල්බ් ආලෝකය, කොන්දොස්තරගේ හැසිරීම කතා බහ, ඕවර් ලෝර්ඩ් කිරීම, මේ සියල්ල මනසට සැහැල්ලුව සැනසීම අරගෙන එන්නේ නෑ. නැග්ග වෙලාවේ කෝපය මානසික පීඩනය විතරයි තියෙන්නේ. මිනිස්සුත් මේවට තෙම්පරාදු වෙලා ඉන්නේ. බස්සෙකේ එකයි දෙන්නයි ඉන්නේ මේවට හිත අවුල් කරගන්න.

මම දවසක් මොනරාගලින් රත්නපුරේ ට එන්න බස් එකට නැග්ගා. මේක මාර විදිහට කොටනවා. බලන් ඉන්න බැරිකමට උඩවළව හන්දියේදී ලෙඩක් ඇද්දා. කොන්දොස්තරට සහ රියදුරාට හොඳටම බැනලා වළිය යනකොට මොනරාගලින් කොළඹ දුවන ඊළඟ බස් එක ඇවිත් මම ගිය බස් එක පහුකළා. පහුකළා විතරක් නෙවෙයි පාර හරස් කරලා නතර කරලා තමන්ගේ ටර්න් එක කපාගෙන ආවා කියලා මම රණ්ඩුවෙමින් ආපු රියදුරාට ගහන්න හැදුවා. ඊටපස්සේ බස් දෙක රේස් එකක් පටන් ගත්තා. එක තැනකදී ඉස්සර කරන්න ගිහිං අපේ බස් එක කානුවට ගියා. බොහොම අමාරුවෙන් තමයි පාරට දාගත්තේ. මම අන්තිමට රත්නපුර පොලීසියට කතා කළා. රත්නපුරේ නගරයේ සීවලි පිට්ටනිය ගාවදී බස් එක නතර කළා. නතර කරලා කට්ටියගෙන් ඇහුවා මොකද වුණේ කියලා. එකෙක් කතා කළේ නෑ. අපිට ඉක්මනට කොළඹ යන්න ඕනී යන්න දෙන්න කියලා තමයි කිව්වේ. මම ඕනී පුකක් කියලා බැහැලා ගෙදර ගියා. මෙහෙම අත්දැකීම් මගේ මේ ජීවිතේ සීයක් දෙසීයක් විඳින්න ඇති..

මිනිස්සුන්ට කිසි ගානක් නෑ සල්ලී දීලා යටහත් පහත්ව යන්නයි ඕනී. අද වෙනකොට මේ බස් මාෆියාව අස්සේ ඉන්න ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා බාගෙට බාගයක් පාතාලයෝ. අද වෙනකොට මේක විශාලම ජාවාරමක්. කිසිම විනයක් හික්මීක් නෑ. බස් හිමිකරුවන්ට යාන්තන් ලීසිං වාරිකයට මුදල් ලැබෙනවා විතරයි. ලීසිං ගෙවපු ගොඩක් බස් මේ මැරයන්ට කුලියට දීලා තියෙන්නේ. දවසේ හෝ මාසේ ගාන ලැබෙනවනම් බස් එකේ පොල් කුඩු ඕනී දෙයක් පැට්ව්වට කමක්නැහැ. ගොඩක් බස් දුවන්නේ ලාම්පුතෙල් ගහලා. ඒක තමයි මේ මාෆියාවේ හැටී.

ලංකා රාජ්‍යට මේ මාෆියා කල්ලියට නිළ ඇඳුමක් අන්ඳන්න බැරිවුණා. අඩුම ශබ්ද දූෂණය කරන හෝන් ගලෝලා දාන්න බැරිවුණා. හවස හයෙන් හතෙන් පස්සේ බස් එකක් දුවවගන්න බෑ. ගම්වල ඉරිදට පෝයට බස් දුවන්නේ නෑ. මෙහෙම බැලුවාම මේක කර්මාන්තයක් නෙවෙයි. කරුමයක්. පවක්. අපි වගේ මිනිස්සු මේ කරුමය හැමදාම ගෙවමින් ඉන්නවා. මේ කාලකණ්ණි මස් රාත්තලටම ඉව අල්ලලා තරගයට ධාවනය කරනවා. මාර්ග නීති කිසි දෙයක් ගණන් ගන්නේ නෑ. පොලීසියත් ලඳු කැලෑ අස්සේ ඉදලා වේගයෙන් යන බස් නවත්තලා සාක්කුවට ගානක් දාගන්නවා. නැත්තං දඩ මස් ටිකක් කංසා මිටියක් ගෙන්න ගන්නවා. ඉතිං ආයි ආයි මේවගේ අනතුරු සිද්ධ වෙනවා. මිනිස්සු මැරෙනවා. බස්වල යන අපි වගේ මිනිස්සුන්ට ආත්මයක් නෑ වගේම ජීවිතයකුත් නෑ. ඒ හින්දා මැරුණා කියලා ලංකාව කියන සල ලල ලාවට ගානකුත් නෑ.

කාටහරි මේක හදන්න ඕනීනම් කරන්න තියෙන්නේ හොඳ ආයෝජකයන් තුන්දෙනෙකුට වගේ සමාගම් තුනක් දාන්න අවසර දෙන්න ඕනෑ. ලොරි බොඩී බස් ගෙන්වන එක තහනම් කරන්න ඕනී. කොන්දොස්තර කියන රස්සාව අයින් කරලා කාඩ් සිස්ටම් එකක් හදන්න ඕනී. මේවා කරන්න යනකොට විරෝධතා එයි හැබැයි නායකයෝ කියන්නේ එවැනි විරෝධතා අස්සේ ඒවා ගණන් නොගෙන තමන්ගෙ සිහින රාජ්‍යයට යන මිනිහට. මේ බස් මාෆියාව අවසන් කරපු දවසට ලංකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවලින් 40%ක් ඉවරයි.

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග