තොරතුරු නැති තැන අඳුර රජ කරනවා – ජනමාධ්‍ය ඇමති

dalas

නිවැරදි තොරතුරු දැනගැනීම සත්‍ය අවබෝධය බවත් සත්‍යය පවසන්නට සත්‍ය බෙදාහරින්නට බිය නොවන ලෙසත් තොරතුරු දැනගැනීමට කිසිවිටෙක බිය නොවන ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තොරතුරු නැති තැන අඳුර රජ කරන මුත් අඳුර රජ කිරිම තාවකාලික බවත්  එවැනි අවස්ථාවක තොරතුරු දැනගැනීම ආලෝකය බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ දාර්ශනික ප්ලේටෝ වසර දෙදහස් පන්සියයකට පෙර එම සත්‍යය අවබෝධ කර ගත් බවය. කුඩා දරුවකු අඳුරට බිය වීම සමාව දිය හැකි වුවත් වැඩිහිටියෙකු ආලෝකයට බිය වීම කණගාටුවට කරුණක් යැයි ඔහු ප්‍රකාශ කළේය. ජනමාධ්‍ය  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර…

Read More

තොරතුරු එන්නත සහතික කිරිම ඔබත් එන්න !

rti

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ ” තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු ” යන මැයෙන් සැමරුම් උළෙලක් හා සජීවි සංවාද මණ්ඩයක් සංවිධානය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී ඇති කරගත් 38C 57 යෝජනා සම්මතය අනුව තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය සෑම වසරකම අදට (28 ) යෙදී තිබේ. අද (28) පස්වරු 3.00 සිට සුම් තාක්ෂය ඔස්සේ  පැවැත්වෙන මෙම සංවාද මණ්ඩපය සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු කථානායක කරු ජයසුරිය, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්,…

Read More

ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.

kamzy

ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි  ශ්‍රි ලාංකීය නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී  කම්සි ගුණරත්නම් මහත්මිය පවසා සිටියි. කම්සි මහත්මිය පහුගිය 13 දා පැවති මහ මැතිවරණයෙන් නෝර්වීජියානු ලේබර් පක්ෂ මන්ත්‍රීවරයාගෙන් තරඟ කර නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කම්සි ගුණරත්නම් මහත්මිය කියා සිටින්නේ තමා ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර සබඳතා ප්‍රවර්‍ධනය කරන අතර සියලු ජන කොටස් අතර කාන්තා සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරන බවය. ඇය වර්ජනය කිරීම ගැන විශ්වාස නොකරන බවත්  ආයෝඡන තිබිය යුතු අතර  රැකියාව සහතික කළ හැක්කේ එයින් පමණක් බව…

Read More

දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති

ali

තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ  එල්. ටී .ටී. ඊ සැකකරුවන් හමුවීම මෙන්ම බන්ධනාගාර පහසුකම් හා ආරක්ෂාව වැනි කාරණා නිරීක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර වෙත ගොස් පැමිණීමෙන් පසුව  මාධ්‍ය හමුවේ අමතමිනි. තමන් උතුරේ බන්ධනාගාර වලට මාරු කරන ලෙස ඉල්ලා සීටියේ ආරක්ෂාවේ ගැටලුවක්  නිසා නොව තම පවුල්වල පිරිසට තමන්ව බැලීමට පදිංචි ස්ථාන වෙත පහසුවෙන් ළඟා…

Read More

ඇමති බැසිල්ගෙන් තවත් ණයක් ගන්න යෝජනාවක්!

basil

ශ්‍රි ලංකාව මේ වන දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව නොරහසකි. ඒ් නිසා වරින් වර විවිධ රටවලින් ලබා ගන්නා ණය ප්‍රමාණයේද සීමාවක් නැත. ලංකාව දෙසැම්බර් මාසය වන විට තවත් විශාල ණය වාරිකයක් ජාත්‍යන්තරයට ගෙවිය යුතුව ඇත. මේ අතර ආණ්ඩුව ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට නැවත අපේක්ෂා කරමින් සිටියි. ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අද  (27)ඉදිරිපත් කරනු ලබන අතර, මෙම ණය ලබා ගැනීම් යෝජනාව…

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන බුද්ධි කොට්ඨාශ ලිපිය බොරුවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

whats app

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ අධ්‍යක්ෂකවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යවන ලද රහස්‍ය ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම වට්ස් ඇප් කණ්ඩායම් අතරද හුවමාරු වෙමින් ඇත. එම ලිපියේ සඳහන් වන්නේ ඉන්ටර් ස්කූල් නම් වට්ස් ඇප් කණ්ඩායමක් ඇති බවත් ඊට ආරාධනා කළහොත් එක් වීමෙන් වළකින ලෙසට තොරතුරක් ලබා දීම පිලිබඳවය. ලිපියේ සඳහන් පරිදි මෙම කණ්ඩායම ISIS නම් ඩෙෂ් සංවිධානයට අයත් එකක් බවත් මෙම කණ්ඩායමට join වුවහොත් යළි ඉවත් විය නොහැකි බවත්ය. මේ පිලිබඳ වහා විමර්ශනයක් සිදු කරන ලෙස බුද්ධි කොට්ඨාශ අධ්‍යක්ෂකවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.…

Read More

පංච මහා බලවේගයේ පහන් සිළුව නිවී වසර 62 ක්!

bandaranayaka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක  යන මහත්මීන් බණ්ඩාරනායක සමාධිය අසලට අද (26) උදෑසන ගොස් පුෂ්පෝපහාර දක්වා සිටියේ ජනතා සහභාගීත්වයකින් තොරවය. බණ්ඩාරනායක ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව හොරගොල්ල බණ්ඩාරනායක  සමාධිය අසල දී පැවති ගුණ සැමරුම මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොපැවැත්වෙන බව හිටපු ජනාධිපතිනිය කල් තියාම පාක්ෂිකයින් වෙත දැනුම් දී තිබුණි.  නමුත් හැකි අවස්ථාවක සෞඛ්‍යාරක්ෂිතව පැමිණ උපහාර දක්වා යන ලෙසද ඇය වැඩිදුරටත් කියා තිබුණි.…

Read More

රාජපක්ෂ නාමය යොදා ගනිමින් සිදු කරන මඩකපුවේ වැලි ජාවාරම පිලිබඳ ඇමති නාමල් කථා කරයි!

weli

රාජපක්‍ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන මෙන්  ක්‍රීඩා හා තරුණ කටයුතු  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක  23 වැනිදා නිරතවූ ඇමැතිවරයා  ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හමුවූ විට ඔවුන් ප්‍රශ්න කර සිටියේ  “රාජපක්ෂ පවුලේ සමීපතමයන්“ යැයි පවසා පරිසර හානි පමුණුවමින්, නීති විරෝධී ලෙස වැලි හැරීමේ නිරත පුද්ගලයන් ගැනය. අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ හා පරිසර ඇමැති මහින්ද අමරවීර ගේ හිතවතෙක් ලෙස අඟවමින් හම්බන්තොට පදිංචිකරුවකු වන ජානක සමරසේකර නමැත්තෙක් මඩකලපුව ප්‍රදේශයේ  නීති විරෝධී අයුරින් මහා පරිමාණයෙන් වැලි හාරන බවට චෝදනා එල්ල…

Read More

ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!

rajapaksha

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ යළි අවධානයක් යොමුව ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. විශේෂයෙන්ම මෙහිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට රජයේ ජීවන වියදම් කමිටුවේදි තීරණය වී ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 80 කින් ඉහළ යනු ඇත. කිරිපිටි සමාගම් ඉල්ලීම් කර ඇත්තේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 350 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 140 කින් වැඩිකරන ලෙසටය. නමුත් එලෙස මිල වැඩි වීමක් සිදු නොවන බව රජය පවසා සිටියි. කෙසේ වෙතත් ජීවන වියදම් කමිටුවේදී ගත් මෙම…

Read More