අසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත  තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන බවද ඔහු පවසයි.

එමෙන්ම ඔහු මෑත කාලයේ සිදු කළ ෂරියා නීතිය පිලිබද ප්‍රකාශයද ගැටලුවක් බවත් එවැනි ප්‍රකාශ බොහෝ විට ආගමික අන්තවාදය කරා යන බවත් ඒ ආගමික අන්තවාදය ත්‍රස්තවාදය කරා යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

අමාත්‍යවරයා මේ තොරතුරු කියා සිටියේ කොළොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්විමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.

-ශානි-

Social Sharing
නවතම