බියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!

බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා  නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ.

වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම මෙම කම්කරුවන් සේවයෙන් පහ කරන ලද්දේ වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමේ ‘වරදටය’.

එමගින් ඇන්සල් සමාගම ඉලක්ක කර ඇත්තේ තම ආයතනයේ ක්‍රියාත්මක ශක්තිමත් වෘත්තීය සමිති කඩාදැමීමය.

ඕස්ට්‍රේලියා-ආසියා කම්කරු සබැඳිය (Australia Asia Workers Links – AAWL) විසින් ඇන්සල් සේවකයන්ට ජාත්‍යන්තර සහාය එක් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පළමු අන්තර්ජාල ඔන්ලයින් රැස්වීම ආසියා ශාන්තිකර කලාපීය කම්කරු ක්‍රියාධාරයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 21 දා පැවැත්විණි.

ඔවුන් අතර ශ්‍රී ලංකාව, මැලේසියාව, නේපාලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සහයෝගීතා ක්‍රියාකාරීන් ද වේ.

1991 වසරේදී සේවයට එක්වී 2013 වසරේදී සේවයෙන් නෙරපා හරින තෙක් ඇන්සල් කම්හලේ වසර 22 ක් කාලයක් සේවය කළ ඇන්සල් වෘත්තීය සමිතියේ උප ලේකම් ව සිටි දසන්ත ජයලත් මෙම රැස්වීමේ දී කියා සිටියේ  2013 වසර මුලදී සමාගම සිය නිෂ්පාදන ඉලක්ක වැඩි කළ බවයි.

එහි අරුත වූයේ සේවකයන්ට හුස්ම ගැනීමටවත් ඉස්පාසුවක් නැතිවන තරමට වැඩ ප්‍රමාණය ඉහල දැමීම බවයි හිටපු උප ලේකම්වරයා කියා සිටියේ.

පාලනාධිකාරියේ මෙම පියවරට එරෙහිව කම්කරුවන් අතරින් උද්ඝෝෂණ මතුවීමත් සමග සමාගමේ පිලිතුර වූයේ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු සමිති නායකයන් 10 දෙනෙක් සේවයෙන් පහ කිරීමයි.

මෙසේ සේවා තත්ත්වයන් වඩාත් අසීරු කිරීම හා වෘත්තීය සමිති මර්දනයට එරෙහිව වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට  එළඹීම මුල් කරගනිමින් අවසානයේ දී සමාගම විසින් කම්කරුවන් 300 කගේ පමණ රැකියා අහිමි කරන ලදී.

එම අරගලයේ එක් අවස්ථාවක දී, එනම් 1994 දී ඇති වූ වැඩ වර්ජනයක් සහිත කම්කරු උද්ඝෝෂණයක් අතරතුර දී පොලීසිය කළ වෙඩි තැබීමකින් සේවකයන් තිදෙනෙකුගේ ජීවිත අහිමි විය. ඒ  අතර වෘත්තීය සමිති නායකයකු ද විය.

Social Sharing
නවතම