විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති

පද්ධතිය විශ්ලේෂණය කරනවා වෙනුවට අරයා වෙනුවට මෙයා ගේන තැනට විකල්ප පුවත්පත වැටී අතැයි බූපතී නලින් මහතා පවසයි.

විකල්ප පුවත්පත් කලාවට රටේ මතය හැසිරවීමට එදා සිට හැකියාව තිබු බව සිහිපත් කරන ඔහු පවසන්නේ එදා විජය පුවත්පත් සමාගම බිහිවීමට ප්‍රථම සිට පැවති අමද්‍යප ව්‍යාපරය, අනගාරික ධර්මපාල මෙහෙයුමද එක්තරා ආකාරයකින් විකල්ප පුවත්පත් හා සමාන බවය.

නූතනත්වය පැමිණි පසු සමාගම් හතකින් පමණ විකල්ප පුවත්පත් බිහි වු බවත් එහිදි වැඩියෙන්ම බිහිවුයේ වාමාංශික  පුවත්පත් වන අතර ඒ්වාට මුද්‍රිත  මාධ්‍ය අතර විශාල බලයක් තිබු බවද ඔහු පෙන්වා දෙයි.

ඉන් අනතුරුව අභ්‍යන්තර පුවත්පත් කලාවක් බිහි වු බවත් ඒ් අනුව නියමුවා, වමේ හඩ වැනි කුඩා පුවත්පත් බිහි වු අතර ඒ් හරහාද විකල්ප මත රටේ ජනතාව අතරට රැගෙන යන බව පවසයි.

නමුත් 1989 න් පසුව පුවත්පත් යම් පුද්ගලයෙකු වටා පමණක් බිහි වීමට පටන් ගත් බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ රාවය වුවද ගැටුනේ එහි කර්තෘ වික්ටර් අයිවන් වටා බවය.

පද්ධතිය විශ්ලේෂණය කරනවා වෙනුවට අරයා වෙනුවට මෙයා ගේන තැනට විකල්ප පුවත්පත ගිය බව සඳහන් කරන ඔහු පවසන්නේ අනිද්දා, රාවය පුවත්පත් එදා මහබැංකු මංකොල්ලය ගැන කථා නොකළ බවය.

අනිද්දා පුවත්පත් අද වෙනකොට ප්‍රබුද්ධත්වය අත්හැර දමා ඇති බව බූපති නලින්  මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස යන මැයෙන් දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හිදී අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.  මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කර තිබුණි.

Social Sharing
නවතම