විහාර හා දේවාලගම් පනතට අත තියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ! – අධිකරණ ඇමති

මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යාංශයද නැතිනම් ජමෙයිතුල් උලමා සංවිධානයෙන්දැයි අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතාගෙන්  ප‍්‍රශ්න කර සිටියේ පහුගිය පෙබරවාරි 09 දාය.

එකී ප්‍රශ්නයට අධිකරණ අමාත්‍යවරයා පසු දින පාර්ලිමේන්තුවේදී පිලිතුරු දුන් අතර එහිදී ඔහු එම පැනයට පිලිතුරු දීමේදි විහාරගම් දේවාල පනත ගැන සඳහන් ගැන සඳහන් කිරීම නිසා එය බෞද්ධයින්ගේ දැඩි විවේචනයට ලක් විය.

ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක් වූ මෙම ප්‍රකාශය සම්බන්ධ වාහම අවාධානය යොමු කරන ලෙස මහා සංඝරත්නයද ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණේය.

කෙසේ නමුදු මේ පිලිබඳ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා  අද (25) දින අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් එදා කළ කථාව වැරදියට වටහාගෙන ඇති බවත්  තමන් අධිකරණ අමාත්‍යවරයාව සිටිනතාක් බෞද්ධ විහාරගම් දේවාල පනතට අත තැබීමටවත්, එය අහෝසි කිරීමටවත් තුන්සිතකවත් නැති බවය.

කාති උසාවි සම්බන්ධයෙන් පාර්ලි‌මේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටින පරිදි 16 (1) වගන්තිය බවත් කළහොත් නීති සියල්ල අභියෝගයට ලක් වෙමින් කඩා වැටීමක් සිදු වන බවත්  පෙන්වා දෙන අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා පවසන්නේ  අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති, බෞද්ධ ශිෂ්ඨාචාරය මත පදනම් වෙච්ච රටක් බෞද්ධයින්ගේ විහාරගම් දේවාල පනතට අත තැබීමට තරම් තමන් මෝඩයෙක් නොවන බවය. මේ රටේ බෞද්ධ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම්වලට විරුද්ධව තමන්ට  නීති ගෙන ඒමට හැකියාවක් නැතැයිද ඔහු කියා සිටියි.

කෙසේ නමුදු තමන් එදා පිලිතුරු දුන් ආකාරය ඇතමුන් වැරදියට අර්ථ කථනය කරමින් එය තමන්ගේ ඇඟ මතට පැටවීමට උත්සහ ගන්නා බවත් නමුත් අතුරලියේ රතන හිමිගේ යෝජනාව සහ තමන්ගේ පිලිතුරු කථාව හොඳින් සවන් දී නිවැරදිව වටහා ගන්නා ලෙස ඔහු කියා සිටියි.

එසේම පොදු ස්ථානවල මුහුණු ආවරණය කිරීම නොකළ යුතු බවට නොවැම්බර් වෙනකොට මුස්ලිම් නීතිය සංශෝධනය සඳහා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබෙන බවත් එය සිදුකරන්නේද එක ප්‍රජාවක් ඉලක්ක කරගෙන නොව රටේ ආරක්ෂාව ගැන සිතා බවත්ය.

Social Sharing
නවතම