පැහැරගෙන කියු මාධ්‍යවේදියා මේසන් හැන්දකින් පුලුස්සාගෙන – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළ බවට කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවත් ඔහු මේසන් හැන්දක් විසින් පුලුස්සාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පහුගිය 10 දා මීරිගම නගරයේදී උදෑසන 6.30 -7.00 ත් අතර කාලයේ මොහු නිවසේ සිට මීරිගමට බසයෙන් පැමිණ ඉන් බැස දුම්රිය ස්ටේෂම වෙත යාමේදි නවතා තිබු කලු පැහැති ජිප් රියක් වෙත එක්වරම ඇද දමාගෙන මුහුණ කවරයක් වැනි දෙයකින් වැසු බවත්  ජංගම දුරකථනයද ගත් බව ඔහු පහුගියදා පවසා තිබුණි.

වැඩිදුරටත් පවසා තිබුණේ එම පිරිස මොහුව විනාඩි 45 ක පමණ කාලයක් ජිප් රියෙන් ගෙන ගොස් නිවසකට ගෙන ගිය බවත් එහිදී මොහුව තලයක් වැනි දෙයකින් පුච්චමින් හා පහර දෙමින් ඔහුට විකල්ප මාධ්‍ය පවත්වාගෙන යාම සඳහා මුදල් ලැබෙන ආකාරය විමසු බවත් එමෙන්ම පසුව පාස්කු ප්‍රහාරයට අදාල ප්‍රධාන සැකකාරියකට අයත් හඬපටයක් ගැන විමසු බවත්ය.

මින් ඉදිරියට කටයුතු කළ යුත්තේ ඔවුන් කියන ලෙසටත් නැතිනම් බිරිඳ හා දරුවා ගැන ඔවුන් බලාගන්නා බවද කියා තර්ජනය කරමින් යළි දුරකථනයද ලබා දී සවස 2.00 ට පමණ දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල බිමට ඇද දමා ගිය බවද සුජීව මමතා ප්‍රකාශ කර තිබුණි.

ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ උදව් ලබාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුලත් වු බවත්  දින 07 ක් පුරා රෝහලේ සිටින බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේය.

මොහුගේ සිද්ධිය පිලිබඳ විමර්ශන භාරව තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාශයටය.

රෝහලෙන් මොහුගේ ටිකට් කපා තිබුනේ ඊයේ (17) දිනය. ටිකට් කැපු බව දැනගත් කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ජාතික රෝහල අසලට පැමිණ සිට ඇති අතර මාධයවේදී සුජීව ගමගේ මහතා ඉන් පිටව යන අවස්ථාවේ ප්‍රකාශයක් ලබා ගැනීමට කියා පොලිසියට රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අසත්‍ය පැමිණිල්ලක් කළ බවට චෝදනා කරමිනි. පොලිසිය පවසන අන්දමට මොහු ඉකුත් 09 දා රාත්‍රියේ නිවසේදි මේසන් හැන්දක් රත්කර සිය ශරිරය පුලුස්සාගෙන 10 වෙනිදා දහවල් දුම්රියකින් දෙමටගොඩට පැමිණ චතුර සේනාරත්නගේ කාර්යාලයට ගොස් පැය 3 1/2 ක් රැඳි සිට පසුව රෝහල් ගත වී ඇති බවය.

ඔහු මෙම අසත්‍ය පැමිණිල්ල සිදු කළේ කුමන හේතුවක් මතදැයි විමර්ශනය කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (18) හවස පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම පින්තූර ගැලරිය