SSP දුවගේ අනතුර නිසා හෙළි වූ පවුලේ රථ ගාය!

පාරේ යන අනිකුත් වාහන, මිනිසුන් අමාරුවේ දමා ඉගිල්ලෙන වාහන අප කොතෙකුත් දැක ඇත. විශේෂයෙන්ම එසේ ඉගිල්ලෙන්නේ ඩිපෙන්ඩර්ය. නමුත් පහුගියදා V-8 වර්ගයේ ලෑන්ඩ් කෘෘෂර් රථයක් පදවා ඉගිලි ගිය තරුණියක් කුරුඳුවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ දියණියක් වීම සමාජයේ රස පුවත් මවන්නට සමාජ මාධ්‍ය ජාලා වලට හැකි විය.  රොෂානි මලිෂා රත්නායක නම් විසි හැවිරිදි තරුණිය විසින් ඉකුත් 15 දා පැද වු ලෑන්ඩ් කෲෂර් රථයක් කොළඹ, හෝර්ටන් පෙදෙස පිහිටි නන්දා මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට කඩා වැදුනේ ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි කරමිනි.

එහිදී  මෙම තරුණියට රිය පැදවිමට වලංගු රිය බලපත්‍රයක් නොමැති බවද සහඳහන් කර, අනතුර සිදු වු අවස්ථාවේදීම වාහනයේ අංක තහඩුව ගැලවීමේ ඡායාරූප සමාජ මාධ්‍ය වල සැරිසැරුයේ නිමේෂයකිනි. ඇගේ පියා වූ නුගේගොඩ  කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වීම නිසා මේ සියල්ල  යට ගසනු ඇති බවට චෝදනා එල්ල විය.

එමෙන්ම මෙහිදී තවත් වැදගත් දෙයක් හෙලි වී තිබුණි. ඒ 2019 වසරේ පෙබරවාරි 24 දා අලුයම ගාල්ල-කොළඹ මාර්ගයේ ආර්.ඒ. ද මැල් මාවතත්, බෞද්ධාලෝක මාවතත් හමුවන හන්දියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි බොරැල්ල පොලිසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරික්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාව යට කර ගෙන ගිය ඩිපෙන්ඩර් රථය පැදවුයේද මෙම තරුණියගේ සොහොයුරා වන නවිඳු රත්නායක (27) බවය.

එවකට පොලිස් අධිකාරිවරයෙකු ලෙස ජනාධිපති ආරක්ෂක අංශයේ මොහුගේ පියා රාජකාරි කරනු ලැබුවේය. එවකට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුව සිටි මහින්දානන්ද අලුත්ගමගේ පුත් රනිස්ක බණ්ඩාර අලුත්ගමගේ, ඩිපෙන්ඩරයේ හිමිකරු වන විසිත ශ්‍රි විජේසේකර, නවිඳු රත්නායක, දුමින්ද ආටිගල හා තරුණියක්  ඇතුලු පිරිසක් පෙබරවාරි 23 දා සිටම රාත්‍රි සමාජශාලා වල සාද පවත්වා ආපසු යමින් සිටියදි එම අනතුර සිදුව තිබුණි.

ආනන්ද සාගර මහතා පෙබරවාරි 24 අලුයම යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේ විශේෂ රථ වාහන රාජකාරියක් සඳහා ය. ඒ ගාලු මුවදොර පිහිටි අයන් මෑන් ජාත්‍යන්තර ක්‍රිඩා උත්සවයේ රථවාහන රාජකාරියකටය. ප්‍රභූ දරුවන්ගේ සෙල්ලක්කාරකමට හන්දියේ මාර්ග සංඥා පද්ධතියේ රතු පැහැති ආලෝකය දුටුවේ නැත. ඔවුන් පැමිණි වේගයෙන්ම හතරමං හන්දිය පසු කරද්දි පොලිස් පරික්ෂකවරයාගේ යතුරු පැදියේ ගැටි නොනවත්තා ධාවනය කලහ. එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් පරික්ෂකවරයා දින ගණනාවක් ජිවිතයත් මරණයත් අතර සටන් වැදෙමින් සිට මිය ගියේය.

මේ අතර මොවුන් අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථය සඟවා ඇති අතර එය සොයා ගනු ලැබුයේ බත්තරමුල්ල, පැලවත්ත නිවසක තිබීය.

මේ අනතුර සම්බන්ධයෙන් ප්‍රභූ පවුල් වල දරුවන් අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන්ව නීතිය හමුවට ඉදිරිපත් කෙරුණි.

එම අනතුරෙන් වසර එක හමාරකට පසු එම පවුලේම දියණියත් මෙලෙස වාහන අනතුරක් සිදු කිරීම නිසා බොහෝ දෙනා පැවසුයේ මුලු පවුලටම රථ ගායක් ඇති බවය. වෙනසකට තිබුණේ මෙම අනතුර සිදු වනවිට පොලිස් අධිකාරිවරා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස් වීම් ලබා නුගේගොඩ කොට්ඨාශය භාරව සිටීමය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් රත්නායක මහතා සිය දියණියගේ සිදුවිමත් සමඟ පත් වුයේ දැඩි අපහසුතාවයකටය. “බලනවකෝ අයිසේ, මේ ළමයි කරන වැරදි හින්දා මටයි ඉන්න නැත්තේ.දැන් ඉතින් මට ඉඳලා වැඩක් නැහැ” යැයි ඔහු හිතවතෙකුට පවසා තිබුණේ සිතේ තිබුණ කෙන්තිය, වේදනාව නිසාමය.

ඔහු සිය දියණිය අත්අඩංගුවට ගැනිමෙන් පසු ඇයව බැලිමට කුරුඳුවත්ත පොලිසියට ගිය අවස්ථාවේ ඇයගේ කම්මුලට පහර දුන්නේද ඒ වේදනාව, කෙන්තිය, ඇති වූ ලැජ්ජාව නිසාය. නමුත් ඔහු කිසිවිටෙකත් මෙය යට ගසන්නැයි කිසිවෙකුට ප්‍රකාශ කලේ නැත.

ඒ අනුව ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ඇප මත මුදා හැරුණි. මේ සිද්ධිය නිසා මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් රත්නායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ස්ථාන මාරු කිරීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන ඇත.

මෙම සිද්ධියත් සමඟ සිහියට නැගෙන්නේ 2002 ජුනි 15 දා බොරැල්ල ඩි.එස් සේනානයක වටරවුමේදි රතු ආලෝක සංඥා නොතකමින් කාන්තාවක් සමඟ මොටර් රථයක් පදවාගෙන ගොස් ලොරියක හප්පවා ලොරි සහායකයෙකු මරණයට පත් කළ  එවකට ගුවන් හමුදාපති වු එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි මහතාවය.

ලොකු ලොකු පොලිස් නිලධාරීන් සිද්ධිය යට ගැසිමට උත්සහ කළද එවකට බොරැල්ල පොලිසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා වූ උප පොලිස් පරික්ෂක ඒ. ඩබ්ලිව්.බණ්ඩාර මහතා විසින් ගුවන්හමුදාපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර ඔහුට නීතිය ක්‍රියාත්මක කළේය.

අවසානයේ සිදු වුයේ ගුවන් හමුදාපතිවරයාට ඉල්ලා අස් වී ගෙදර යාමටය.

-ශානිකා-

Social Sharing
නවතම