මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපති වරයා ඇතුලු පොදුජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව තුළ ගොඩනැගීමට හැකියාව ඇත. මෙම ජයග්‍රහණය සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අනෙකුත් පක්ෂයන්ගේ සහායක් නොගෙන විශේෂයෙන් සුලු ජාතික පක්ෂයන්ගේ සහායක් නොලබා තනි පක්ෂයක් ලබාගත් විශිෂ්ඨම ජයග්‍රහණයක් ලෙස ඉතිහාස ගතවනු ඇත. ඒමෙන්ම, ජේ.ආර් ජයවර්ධන මහතා විසින් සකසනු ලැබූ වර්තමාන 1978 ව්‍යවස්ථාව තුළ විධායකය නොහොත් ජනාධිපතිවරයාට තිබු අසීමිත බලය සීමා කොට ව්‍යවස්ථාදායකයට නොහොත් පාර්ලිමේන්තුව වෙත, නොඒසේ නම් අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය වෙත සැලකිය යුතු බලයක් හිමිවෙන ප්‍රථම අවස්ථාව …
වැඩිපුර කියවන්න