ඉතිහාසය නායකයන්ගේ හා බලවතුන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව සටහනක් සේ සැලකීම සාමාන්‍ය සිරිතකි. එවැනි ආකාරයේ ඉතිහාසය ලිවීම බොහෝ කාලයක් පුරාම පැවත ඇත. විවිධ රජවරුන්ගේ හෝ බලවත් සෙනෙවියන්ගේ හෝ පසු කාලීනව රාජ්‍ය නායකයන්ගේ කෙරුම්කාරකම් පිිළිබදව ලියවී ඇති ඉතිහාස ග්‍රන්ත අපමණය. ඉතිහාසය හුදෙක් රජවරුන්ගේ හා බලවතුන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව සටහනක් නොවන බවත්, සමාජයන්හි විසූ මිනිසුන් කලකී හා හිතූදේ බවත් ලිවීම, ඓතිහාසික ක්ෂේත්රයට එලබුනේ මෑත කාලයේදීය. මේ අනුව ඇමරිකානු ඉතිහාසය සම්බන්දයෙන් ජනතා ඉතිහාසය ලියවී ඇති අතර ඒ තුලින් සාමාන්‍ය ඉතිහාස ග්‍රන්ත වලට ඇතුලත් නොවන බොහෝ කරුනු හෙලිදරව් විය. මේ ආකාරයටම ඉන්දියාව තුලද ඉතිහාසය පිළිබදව, ලිවීම පිළිබදව අදහස් වෙනස් වීමක් 20 වන ශත වර්ෂය පුරා දැක ගත …
වැඩිපුර කියවන්න