ආණ්ඩුවේ නිරුවත ගැන මනූෂ කියයි.

එක පාරක් ඡන්දය ඉල්ලනවා කියා ඇවිත් දැන් දෙපාරක් ඡන්දේ ඉල්ලන්න හදන බවත් මේ රජය හැමදාම කරන බොරුව තවමත් සිදු කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ධම්මික පැණිය දී ජනතාව රැවට්ටු බවත්, ආණ්ඩුවේ අසමත්භාවය හමුවේ තෙල් මිල ඉහළ දමා එය ඇමැතිගේ පිටින් යවා අත සෝදා ගැනීමට පොහොට්ටුව උත්සාහ ගත් බවත්  ඔහු කියා සිටියි.

මොල හතේ කෙනා ආ විට මිල අඩු කරන බවට පුරසාරම් දෙඩු බවත් උදය ගම්මන්පිල ඇමැතිවරයා ලෑල්ලට හේත්තු කර තමන්ගේ ජාමේ ‌බේරා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින්  ජීවන වියදම් කමිටුවේ සිට තෙල් මිල වැඩි කිරීමට අනුමැතිය දී ඇවිත් පක්ෂයක් විදියට තෙල් මිල වැඩි කරනවාට විරුද්ධයි කියා  නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පැවසු බවද සිහිපත් කරන මන්ත්‍රීවරයා පවසන්නේ එසේනම් තාත්තලා, බාප්පලා පුතාලට එකතුවෙලා මිල වැඩි නොකර ඉන්න තිබු බවය.

මේ  නිරුවත එළිවන විට ඩීල් දේශපාලනය කියා කියන බවත් අපිට ඩීල් දේශපාලනයක් තියෙනවානම් විශ්වාසභංග ගේන්නේ නැති බවත් ඩීල් දේශපාලනයක් නැති නිසා තමයි අපිට මඩ ගසා වෙනත්  අයට  සුදු හුණු ගාන්නේ යැයිද මනූෂ මන්ත්‍රිවරයා පවසයි.

උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

-ශානි-

Social Sharing
නවතම