අප්පච්චි සියඹලා ගෙනත්ම නැතිද?

එදා යුද්ධ කර, රටේ ආර්ථිකය ශක්තිමත් කළේ ගෝඨාභයයි, බැසිලුයි නම් මහින්ද රාජපක්ෂ ඕලන්ද පොට්ට කාසියක් තරම්වත් වටින්නේ නැති හාදයෙක්ද යන්න පුජ්‍ය දඹර අමිල හිමියන් විමසා සිටියි.

එදා යුද්ධය අවසන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ආර්ථිකය ශක්තිමත් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවටත් මේ වන විට මතයක් සමාජගත වෙමින් ඇති බවත් එසේ නම් එදා මහින්ද රාජපක්ෂ මහතා කළේ කුමක්ද කියා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් උන් වහන්සේ විමසයි.

එමෙන්ම මේ පැනය නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ හා චිචී මහත්තයාගෙන් විමසන බවත් එදා අප්පච්චී කියා, මහරජාණෝ කියා කලාකරුවෝ මේ සමාජයේ උස්සා තැබුයේ කවුරුද යන්න ප්‍රශ්න කර සිටින උන් වහන්සේ එදා ඒ උස්සා තැබුයේ නිකමෙක්ද? නැතිනම් ඒ අප්පච්චි සියඹලා ගෙනත්ම නැතිද? යන්න පැනය මතු කර සිටියි.

දඹර අමිල හිමියන් මේ පැනය මතුකර සිටියේ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේම මෙහිදී උන් වහන්සේ පෙන්වා දුන්නේ මාධ්‍ය මර්ධනයට අත තැබු අය එදා විසි වුනේ ඉතිහාසයේ කුණු බක්කියට බවත් රාජපක්ෂවරු එදා ගියෙත් මේ මර්දනය නිසා බවත්, මැදමුලන ජනේලේ එල්ලෙන්න වුණේ ඒ නිසා බවත්ය.

එදා පාරවල් හදලා, ආර්ථිකය ශක්තිමත් කළාට ජනතාවට නිදහස කියන දේ තිබුණේ නැති බව පෙන්වා දෙන උන් වහන්සේ කියා සිටියේ ගඩාපිට සිදු වූ දෙය සිහිපත් කර සිටියේය.

-ශානි-

Social Sharing
නවතම