විදේශ සේවා කාර්යාංශයටත් හමුදා ප්‍රධානියෙක්?

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති කමල් රත්වත්තේ මහතා අභ්‍රාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට හිටපු හමුදා ප‍්‍රධානියෙක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ඒ  විශ‍්‍රාමික මේජර්  ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාවය.

වත්මන් රජය බලයට පත්වීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධූරයට 2019 වර්ෂයේ දෙසැම්බර් මස කමල් රත්වත්තේ මහතා පත් කෙරුණි.  ඔහු  දිවංගත ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොයුරෙකු වූ ක්ලිෆර්ඩ්‍ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකි. එසේම කමල් රත්වත්තේ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ද විය. ඒ මහතා පහුගියදා අභාවප්ප්‍රාප්ත විය. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිධුරය පුරප්පාඩු විය.

මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ
මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස විශ‍්‍රාමික මේජර්  ජනරාල්වරයා පත් කිරීම සදහා ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බවත් ඒ අනුව ඔහුගේ පත් කිරීමට අදාල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් විදේශ රැකියා  අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා ඇතැයි පැවසේ..

මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ රෙජිමේන්තු  අධිපතිවරයා ලෙස මෙන්ම යාපනය ආඥාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

-ශානි-

Social Sharing
නවතම