සමාජ මාධ්‍ය වලින් මඩ ගහන්න ලංකාව අති දක්ෂයි – මහජන ආරක්ෂක ඇමති කියයි.

ශ්‍රී ලංකාව  වගේ සමාජ මාධ්‍ය වලින් මිනිස්සුන්ට අපහාස කරන රටක් කොහෙවත් නැති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ තර්ජිත ගම්මාන ආරක්ෂා කරන්න කුඩා හතරේ අටේ කණ්ඩායම් සාදා කමාන්ඩෝ පුහුණුව ට සමාන පුහුණුවක් දුන් බවත් දවසක් මේ අය පිට්ටනියෙ දුවන කොට මේ අයව පුහුණු කරන්නේ ත්‍රස්තවාදීන් ගමට ගහනකොට පැනලා දුවන්නද කියා  එතැන සිටි අයෙක් විමසු බවත් ඒ ඒම පුද්ගලයා බලන ආකල්පය බවද ඒ මහතා පවසයි.

ඒ අකාරයටම මේ ත්‍රී රෝද රථ ගේන්නේ පාතාලය මඩින්න ද කියලා අසන්නෙත් එවැනි ආකල්ප තියෙන අය බවද කියා සිටියි.

පොලිසීයට ත්‍රීරෝද රථ ගත්තේ පොලිසියේ සාමාන්‍ය දෛනික රාජකාරින් කිරීමට බවත් ඒ අතර සිතාසි බාර දීම, පැමිණිලි විමර්ශනයට යාම, පොලිස් මුරපොලවල් වල වැඩ කරන නිලධාරීන් මාරු කිරීමට, ඒ නිලධාරීන්ට ආහාර ගෙන ගොස් දීමට, බුද්ධි තොරතුරු ලබා ගැනීමට ආදී රාජකාරී තිබෙන බව අමාත්‍යවරයා සිහිපත් කරයි.

බුද්ධිමත් සාමාන්‍ය ජනතාව මේ ගැන දන්නා නමුදු  සමහරු මේ ගැන දැනගෙන අපහාස කරනවා නම් ඒය  අශීලාචාර කරුණක් විදිහට තමන් දකින බවද මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

ඔහු මේ බව පවසා සිටියේ සෞභාග්‍යයෙ නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ විසිතුරු මල් වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි අලෙවි වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තබන උත්සවයේ දීය.

-ශානි-

Social Sharing
නවතම