සමගි ජනබලවේගයේ රැසක් ඉදිරියේදී යළි UNP යට?

තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ  මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණිමත් සමඟ මතුව ඇති අලුත්ම දේශපාලන ත්ත්වය ගැන පැහැදිලි කරමින් ඒ මහතා එලෙස කියා සිටියේය.

ඔහු පවසන්නේ මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට අමතරව මේ වන විට වැඩිම මන්ත්‍රී පිරිසක් නියෝජනය කිරීමෙි අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබෙන බවය. එසේම මේ වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල  දෙවැනි ස්ථානයට මන්ත්‍රීධුර හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බව ඔහු සඳහන් කරයි.

පළාත් පාලන මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයට තිබූ බලය අඩු වී  ගියද මෙි වන විට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1500 කට ආසන්න ගණනක් නැවත එක්සත් ජාතික පක්ෂය නියොජනය කරන බව පෙන්වා දෙන පාලිත රංගේබණ්ඩාර මහතා පවසන්නේ පැවැති මැතිවරණවලදී සමගි ජන බලවේගයට සහය දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන්  ඉදිරියේදී යළිත් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතව සිටින බවය.

එමෙන්ම තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ  මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස  සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බවත් අවධාරණය කරන ඒ් මහතා පවසන්නේ  එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට සුදුස්සන් නම් කිරීමේ  කටයුතු ද ඉදිරියේදී සිදු කිරීමට  කරන බවය.

-ශානි-

Social Sharing
නවතම