ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමේ වැඩි ඉඩක්! – නීතිඥ අම්බිකා සත්කුනනාදන්

රජය නීතියට අවනත නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ද සැකකරුවන්ට වග විය යුතු නැතැයි සිතන මට්ටමට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ අම්බිකා සත්කුණනාදන් මෙනෙවිය පවසයි.

බන්ධානගාරය තුල සිටින සැකකරුවන්/සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් වග විය යුතු වුවද එය එසේ නොවන බව ඇය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමට වැඩි ඉඩක් ලබා දෙන බවත් මේ වදහිංසාව ශාරීරකව මෙන්ම මානසිකව විය හැකි බවත් ඇය අවධාරණය කර සිටියි.

මෙයට නිදසුන් ලෙස ඇය  කියා සිටියේ පහුගියදා එරාවුර් වල සිදු හිංසාවය.

ගොඩක් කාලයක සිට වදහිංසාව මේ රටේ සිදු වන දෙයක් වන නමුත්  කොවිඩ් වසංගත කාලය තුල මේ තත්ත්වය වැඩි වු බව අම්බිකා මෙනෙවිය විශ්වාස කරයි.

එසේම බන්ධනාගාර තුල ජලය, වැසිකිලි ඇතුළු පහසුකම් නොමැති වීම නිසා බන්ධනාගාර ගත වූවන් දැඩි අසීරුතාවයට පත් වෙන බවත් මේ වන විට  බන්ධනාගාර ගත වූවන් 9000 ක් පමණ මෙරට සිටින බවද ඇය විශ්වාස කරයි.

බන්ධනාගාර ගත වුවහොත් බන්ධනාගාරය තුළ විශාල වශයෙන් වදහිංසාවට ලක් වීම් සිදුවෙන බව පෙන්වා දෙන ඇය පවසන්නේ පරුෂ වචනයෙන් බැන වැදීම්,  පහර දීම්,  ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම ආදිය බන්ධනාගාර තුළ නිරන්තරයෙන්ම සිදු වන බවය.  බන්ධනාගාරයට ගිය සෑම අවස්ථාවකම විවිධ හේතු මත වදහිංසාවට ලක්වෙන අතර  ආහාර ලබා ගැනීමේදී පවා පෝලිමේ සිටින අවස්ථාවේදී ඔවුන්ට විවිධ තාඩන පීඩනවලට ලක් වීමට සිදු වෙන බව ඇය පෙන්වා දෙයි.

මේ සඳහා නිදසුන් විශාල වශයෙන් දක්නට ලැබෙන බවත් බන්ධනාගාරයේ සිට රෝහල්ගත කරන පුද්ගලයන් පවා දක්නට ලැබෙන බව ඇය පවසයි.. එවැනි අවස්ථාවක මානව හිමිකම් කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වි වහාම පරීක්ෂණ විමර්ශන ආදිය සිදුකිරීම ඉතාමත් ම වැදගත් බව ඇය අවධාරණය කරයි.

මානව හිමිකම් කොමිෂන් සභාවට බලය නෑ කියලා ඇතැම් විට නිලධාරීන් සිතන්නට පුලුවන්  නමුත් පැමිණිල්ලක් ලැබුණු වහා ස්වාධීන කටයුතු කිරීම තුලින් සමාජයට යහපතක් කිරීමට හැකි වෙන බව නීතිඥවරිය කියා සිටියි. සමාජය තුළ ත්‍රස්තවාදීන් වශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පවා මෙවැනි වද හිංසාවට ලක් වීම වැළැක්විය යුතු අතර  විශේෂයෙන්ම covid තත්ත්වය තුළ ඒවා වැළැක්වීමට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් බව ඇය වැඩිදුරටත් කියා සිටියි.

නදීක දයා බණ්ඩාර / ශානි

Social Sharing
නවතම