“ඡන්දෙට වෙන බොරුවක් හොයාගන්න, MCC අත්සන් කරන්නේ නෑ” ගම්මන්පිල විපක්ෂෙට කියයි!

ඡන්දෙන් පසුව මේ ආණ්ඩුව  MCC ගිවිසුම අත්සන් කරන බවට විපක්ෂය නඟන බොරු බිල්ලන් මැවීම තවදුරටත් සිදු කළ නොහැකි බවත් ඒ නිසා අලුත් බොරුවක් විපක්ෂයට සොයා ගත යුතුව ඇතැයිද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඡන්දයට මාසයක කාලයක් තව තිබෙන බවත් ඉතිරි මාසය ගත කරන්න විපක්ෂයට අලුත් බොරුවක් සොයා ගන්න අනිවාර්යෙන්ම සිදු වෙන බවද ඔහු කියයි.

ඇමති මණ්ඩලය විසින් පත් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටුව විසින් ඉතා ගැඹුරු විශ්ලේෂණයක් MCC ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කර ඇති බවත් ඒ තුල මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් අපේ රටට ඇති විය හැකි සමාජීය, ආර්ථික සහ ආරක්ෂාව පිලිබඳ ගැඹුරු විග්‍රහයක් කර ඇතැයිද ගම්මන්පිල මහතා පවසයි.

එමෙන්ම මේ ගිවිසුමත්, මේ ව්‍යාපෘතියත් ආරම්භ කිරීමට නියමිත සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය මේ රටේ නීතියට පටහැනිව සකස් කර ඇති බව මේ වාර්තාවෙන් පෙන්වා දී ඇති බවත් මෙම කමිටුව ඇමති මණ්ඩලයට නිර්දේශ කර සිටින්නේ මෙම ගිවිසුම අත්සන් නොකළ යුතු බව යැයිද ඔහු කියයි.

ඇමරිකානු තාතානපති කාර්යාලය සඳහන් කරන පරිදි මෙම ගිවිසුම සම්බන්ධයෙන් මුලින්ම කථා කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ බවත් එය අමූලික බොරුවක් බවද ගම්මන්පිල මහතා කියා සිටියි.

Social Sharing
නවතම