හිටපු ජනපති මෛත්‍රි වත්මන් ජනාධිපති ගැන කථා කරයි.

අවුරුදු 30ක පමණ කාලසීමාවක් තුළ මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය හා අනෙකුත්

පර්යේෂකයන් වකුගඩු රෝගය වැළදීමට ප්‍රධාන හේතුවක් ලෙස කි රසායනික ද්‍රව්‍ය මේ සදහා බලපා හැකි බව අනාවරණය කර ඇති බවත් කාබනික පොහොර යෙදීම හා රසායනික පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍යවලින් අපේ ගොවිතැන මුදා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසංශාව පලකරණ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(11) පොලොන්නරුවේ සිය නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමිණි.

එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා චීන රජයෙන් තමන් ජනාධිපති සමයේ ලැබුණු පරිත්‍යාගයක් වූ ජාතික වකුගඩු රෝහල පිළිබදව ද අදහස් දැක්වූ අතර ඉන් අනතුරුව මෙසේ පැවසීය.

“අද අලුතෙන් විවෘත කළ වකුගඩු රෝහල ගැන කතා කරන විට මේ රටේ හදුනා නොගත් වකුගඩු රෝගය ගැන දැන් අවුරුදු 30 ක් විතර පර්යේෂණ පවත්වලා තියෙනවා. 1991 දී තමයි මේ රෝගය පිළිබදව සොයා ගත්තේ අනුරාධපුරය පොලොන්නරුව දිස්ත්‍රික්කවලින්. මේ පිළිබදව එදා මෙදාතුර කාලය තුළ විවිධ පර්යේෂණ සිදු කළා මෙම රෝගය ගැන. විශ්ව විද්‍යාල,ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය ඒ විතරක් නෙමෙයි මම සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ශ්‍රී ලංකා රජයෙන් මුදල් දීලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායමක් මේ ගැන පර්යේෂණ කළා.

මේ රෝගය කොහොමද ආරම්භ වෙන්නේ මොකද්ද සුල මුල කියලා සොයා බලන්න. මේ හැම පර්යේෂණ වාර්තාවල නිෂ්චිතවම කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා මේ රෝගය වැළදෙන බව අනාවරණය කර නැතත් ඒ හැම වාර්තාවකම  අවසන් වාර්තාවල කෘෂි රසායනික ද්‍රව්‍ය මේ සදහා බලපාන්න පුළුවන් කියලා සදහන් වෙනවා. කෘෂි රසායන කියපුවාම රසායනික පොහොර පමණක් නෙමෙයි රසායනික වල් නාශක කෘමි නාශක හේතුවෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒවායෙහි ප්‍රතිපලයක් ලෙස වකුගඩු රෝගය ඇතිවෙනවා කියන නිගමනයට ඇවිත් තියෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍ය වකුගඩු රෝගයට සෘ ජුවම බලපානවා කියලා අවසාන නිගමනවල නැතත් එය හේතුවක් වන්නට පුළුවන් කියන නිසා අද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරම්භ කර තිබෙන කාබනික ගොවිතැන පිළිබදව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒක අගය කරන්න ඕන. ඒකට සහාය දෙන්න ඕන.

අද උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් 8000කට වැඩිය ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 11 000කට වැඩිය ඉන්නවා. අද වකුගඩු රෝගීන් වැඩියෙන්ම වාර්තාවෙන්නේ බස්නාහිර පළාතෙන් ඒකට හේතුව දියවැඩියාව සහ වෙනත් ආකාරයෙන් ශරීරයට බලපාන කරුණු නිසයි එහෙම වෙලා තියෙන්නේ. නමුත් අද ජනාධිපතිතුමා ආරම්භ කළ කාබනික ගොවිතැන පිළිබද වැඩපිළිවෙල කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් සදහා අද ගොවීන් විවිධ මැසිවිලි නැගුවත් අපි හැමෝම සහාය දෙන්න ඕන දිරි ගන්වන්න ඕන. රජය බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගැනීමට සහාය දීම අපි හැමගේම වගකීමක් යුතුකමක්. අර මං මුලින් සදහන් කළ හැම පර්යේෂණයකින් ම අවසන් නිගමනය ලෙස දක්වා නැතත් වකුගඩු රෝගයට කෘෂී රසායනික බලපානවා කියන කාරණයත්. අද විවෘත කළ වකුගඩු රෝහලත් උතුරු මැද පළාතේ ව්‍යාප්තව පවතින වකුගඩු රෝගයත් කෘෂි රසායනිකත් අතර සම්බන්ධයක් තියෙනවා. කියන කාරණය ජනතාව තේරුම් ගතයුතු වෙනවා. වකුගඩු රෝගීන් සදහා අති නවීන පහසුකම්වලින් යුක්ත මේ රෝහල මම ජනාධිපති සමයේ මුලින් ම චීන නිල සංචාරය ගිය වෙලාවේ මගේ ඉල්ලීමකට අනුව චීන ජනාධිපති ෂී ජිං පිං මහතා ප්‍රදානයක් ලෙස ලබා දුන්නේ. නේවාසිකව රෝගීන් 200කට ප්‍රතිකාර ලබන්න පුළුවන්. එකවර ඩයායිසීස් 100 ක ගේ කරන්න පුළුවන්. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ රෝගීන් වැඩි කර ගන්න නෙමෙයි රෝගීන් අඩු කර ගන්න නම් අපි කාබනික ගොවිතැනට යායුතුයි. යැයි ද ඒ මහතා කීය.

-ඊෂා මුදියන්සේ-

Social Sharing
නවතම