කාබනික පොහාර ආනයනයට අපි විරුද්ධයි – ආනන්ද සාගර හිමියන් 

කාබනික ගොවිතැන ගැන ජනාධිපතිවරයා ගත් තීන්දුවේ කිසිදු වරදක් නැති නමුත් එය ඉදිරියට ගෙන යාමට අනුගමනය කරන පිළිවෙතෙහි ලොකු අවුලක් පවතිනවා යැයි පුජ්‍ය ආනන්ද සාගර හිමියන් පවසයි.

රසායනික  පොහොර ගෙන ඒම නවතා කාබනික පොහොර ගෙන ඒමට කටයුතු කිරීම පිලිබඳවද උන් වහන්සේ දක්වා සිටින්නේ දැඩි විරෝධයකි.

උන් වහන්සේ කියා සිටින්නේ විදේශයේ සිට කාබනික පොහොර ගෙන්වීම තුල මළ අපද්‍රව්‍ය, බැර ලෝහ  පැමිණෙනවා මෙන්ම එම ක්ෂුද්‍ර ජීවින් නිසා මෙරට පොලව හානි විය හැකි බවය.

ඇමතිවරයා පැවසු පරිදි දැනටමත් මේ කාබනික පොහොර ගෙන්වන සමාගම් 20 කට වඩා ඇති බව පැවසු බවත් ලංකාවේ නීතියට අනුව එහෙම ගෙන්විය නොහැකි බව පෙන්වා දෙන ආනන්ද සාගර හිමියන් පවසන්නේ එලෙස ක්ෂුද්‍ර ජීවීන් ආනයනය කරන්නේ නම් වහාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

කාබනික ගොවිතැන වැනි දෙයක් සම්බන්ධයෙන් ගහෙන් ගෙඩි එන්නා සේ තීන්දු ගත නොහැකි අතර කාලයක්, වැඩසටහනක්, අවංක නිලධාරීන් පිරිසක් අවශ්‍ය බවද උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි.

උන්වහන්සේ මේ  බව සඳහන් කළේ ඊයේ  (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

-ශානි-

Social Sharing
නවතම