සමාජ මාධ්‍ය ජාලාකරුවන්‌ට පොලිසියෙන් රතු එළි!

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් මැතිව් මහතාව පෙරේදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමිනි.

ඉකුත් ජුනි 04 දා ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණායතනය, ශ්‍රී  ලංකාවේ මිනින්දොරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමණාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි වල දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී  ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හෙළිදරව් කර තිබුණි.

මෙයට හේතුව රජය මේ පිලිබඳව අවධානය යොමු නොකිරීම බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙම ප්‍රකාශය අසත්‍ය බවට ජනාධිපති කාර්යාලය විසින් රජිව්ට  එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිලි කර තිබිණ. ඒ අනුව විමර්ශන පවත්වා මොහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (09) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ අතර පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත මුදාහරිමින් කියා සිටියේ  සමාජ ජාලා මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයන්, කොවිඩ් 19 මර්දනය කිරීමේ වැඩපිළිවෙලට බාධා කරන්නන්, අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන හුවමාරු කරන පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නා බවය.

මේ සඳහා පොලිස් නිළධාරීන්ට නීතිමය ප්‍රතිපාදන තිබෙන බවත් පවසන පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ එම ක්‍රියා වලින් වැළකි සිටින ලෙසටය.

මෙවැනි කටයුතු හරහා ජනතාව තුළ අසමගිය වෛරසය ඇතිකළ හැකි බැවින් එවැනි පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේම  මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන අතර නිදහස් මාධ්‍ය භාවිතයට බාධා කිරීම හෝ මර්දනය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බව එම නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ බව ඊයේ දින මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබුණි. ඒ ඔහුගේ නම ඈඳාගෙන චන්දිමාල් හා පියුමි සම්බන්ධව අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය තුල යන බවත් මේ වන විට ඒ පිලිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරමින් සිටින බවත්ය.

මීට පෙර කොත්මලේ රාජ්‍ය නිලධාරියෙකු වු චමිල ජයසිංහ මහතාද අත්අඩංගුවට ගැනුනේ අසත්‍ය ඡායාරූප මුහුණු පොතේ පල කර රජය අපහසුතාවයට පත් කිරිමේ චෝදනාවටය.

 

Police give red light to social media activists 002

Police give red light to social media activists

-ශානි-

Social Sharing
නවතම