වැලිගම වරාය සේවකයාගේ අභිරහසට අදාල සම්පුර්ණ CCTV දර්ශණ නිකුත් වේ.

පොලීසිය විසින් රිය අනතුරකට ලක්වීමෙන් මිය ගියා යැයි පැවසූ කොළඹ වරාය සේවකයාගේ මරණය ඝාතණයක් බවට සැක කළ හැකි CCTV දර්ශණ මේ වන විට නිකුත් වී තිබේ.

49 හැවිරිදි දෙදරැ පියෙකු වන සුසිල් ඉන්ද්‍රජිත් පසුගිය මැයි 17 වන දින රාත්‍රියේ දී නිරෝධායන වන තම පවුලේ අයට ආහාර ගෙන ඒම සදහා වැලිගම නගරයට පැමිණීමෙන් පසුව, මෙසේ මරණයට පත් වී තිබුනි.

මෙම CCTV දර්ශණයන්ට අනුව සුසිල් ඉන්ද්‍රජිත් වැලිගම පොලීසියේ ආදාල නිලධාරීන් දෙදෙනා සමග කිසියම් කතා බහක නියෙලෙන ආකාරයත්, පසුව එක් නිළධාරියෙකු විසින් ඔහුට පා පහරක් ලබා දෙන ආකාරයත්, ඊට ටික වෙලාවකට පසුව ඒම පොලිස් නිලධාරීන් බලා සිටිය දී සිවිල් ඇදුමින් සැරසී සිටි තවත් පුද්ගලයෙකු විසින් ඉන්ද්‍රජිත්ට පහර දෙන ආකාරයත්, ඒම පුද්ගලයා ඉන්ද්‍රජිත්ගේ මුහුණට එල්ල කළ දරැණු ප්‍රහාරයක් හේතුවෙන් ඉන්ද්‍රජිත් කපාහෙළු ගසක් පරිද්දෙන් මහ මග ඇද වැටෙන අයුරැත් මෙම දර්ශණයන්ට ඇතුලත් වේ.

ඔහු මහ පාර මැද ඇද වැටුනු විගස අදාල පොලිස් නිළධාරීන් දෙදෙනාත්, පහරදුන් තැනැත්තාත් තම යතුරැපැදිවල නැගී ඒම ස්ථානයෙන් ඒක් දිසාවකට පිටව යන ආකාරයත් මෙම දර්ශණයන් හරහා ඉතා පැහැදිලි වේ.

මේ සම්බන්ධව ඉන්ද්‍රජිත්ගේ පවුලේ අය පවසන්නේ, එසේ පහරදුන් තැනැත්තා වැලිගම පොලීසියේ කැන්ටිමේ සේවය කරන නාදන් නැමති පුද්ගලයා බවත්, ඔහු පොලීසියේ උපදෙස් මත ඉන්ද්‍රජිත්ට පහර දී ඇති බවත් ප්‍රකාශ කරයි. එමෙන්ම, කිසියම් හේතුවක් මත, ඉන්ද්‍රජිත්ගේ යතුරැපැදිය පොලිසිය විසින් නවතා එහි යතුර පොලීසිය විසින් ලබා නොදීම මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි පවසයි.

ඉන්ද්‍රජිත්ගේ බිරිද විසින් මෙම සිද්ධිය සම්බන්ධව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

Social Sharing
නවතම