කොයි ආණ්ඩුවත් ණය ගත්තා නමුත් වර්තමාන ණය අර්බුදය සුවිශේෂයි!

අපේ රටේ ආදායමෙන් 70% ක්ම යන්නේ විදේශයෙන් ගත් ණය පියවීමට බවත් ඒ නිසා ඉතිරි වැඩ කරන්න ‌රටේ මුදල් නැති බවත් මේ ආකාරයෙන් අප විෂම ණය චක්‍රයට හසුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙය බරපතල තත්ත්වයක් බවද ඔහු පෙන්වා දෙයි.

කොයි ආණ්ඩුව යටතේත් ණය ගත් බවත් නමුත් වර්තමාන ණය අර්බුදයේ සුවිශේෂත්වයක් ඇති බව ඒ මහතා කියයි.

අප වසර 70 ක් පුරා ණය ගත් බවත් එහිදී සිදු කළේ ගත් ණය පියවන්න තවත් ණය ගත් බවය. නමුත් 2020 වසරේදී ගත් ණය පියවීමට ණය ගැනීමට නොහැකි වී ඇති බව පවසන ඒ මහතා පෙන්වා දෙන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් ණය බර 101 ක් වන අතර පහුගිය වසරේ දළ දේශිය ආදායම 3.06 ක් ලෙස සෘණ අගයක් ගත් බවත් මේ අතර  සංස්ථා හා මණ්ඩල වල ණයද ඇතුලත් බවය.

ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය අඩුවෙන් පෙන්වන්න ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් සංස්ථාව, මහා මාර්ග සංවර්ධන අධිකාරිය, එයාර් ලංකා වැනි ආයතන හරහා ස්වෛරී ඇපකරය මත ලබා ගත් ණය ප්‍රමාණයක් ඇති බවත් ඒ ණය ප්‍රමාණයද එකතු කළහොත් 109 ක් වන බවත් මෙය පි.බී.ජයසුන්දරගේ කෙරුවාවක් බවද ඔහු කියා සිටියි.

මෙය 101 ට පත් වුයේ අපේ රට ජාත්‍යන්තරය වීසින් සිසිසි  කියන මට්ටමට ගෙන ගිය නිසා ජාත්‍යන්තර ණය සංචිතයේ මාකට් එක අඩු වී 64% ක් ලෙස අඩු වු බවත් ඒ අඩුවීම මෙරට පෙන්වුයේ ගෙවීමට ඇති ණය අඩු වීමක් ලෙස බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් මෙය ගෙවිය යුතු බව පෙන්වා දෙන ඔහු පවසන්නේ 2020 දී මෙරට මුලු ණය ප්‍රමාණය 114% ක් බවද අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (02) දින සුම් තාක්ෂණය ඔස්සේ පැවති ණය අර්බුදය හා හෙට දවස යන සංවාදයේදීය .

-ශානි-

Social Sharing
නවතම