“නොහිතන බලවේගයක් පැමිණිය හැකියි!” – හිටපු ඇමති මංගලගෙන් අනතුරු ඇඟවීමක්!

1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු පවසයි.

අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය බංග්ලාදේශයට වඩා තුන් ගුණයක් ඇති නමුත් අපි අද බංග්ලාදේශයෙන් මුදල් බල්ලා ගන්න තැනට බංකොලෙතේ වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

එසේම අද වෘත්තීමය හිඟන්නන් බවට අද මෙරට පත් වෙමින් පවතින බවත් මෙරටදී නැවක් ගිනිගත් විට ඉඳලා හිටලා හරි එහෙම දෙයක් වෙන එක හොඳයි කියන තැනට අද දේශපාලඥයින් පත්ව ඇති බවත් මෙයින් පෙනෙන්නේ රටේ ඇති බංකොලොත්භාවය බවද මංගල සමරවීර මහතා පවසයි.

අද දැඩි සමාජ අර්බුදයකට අප තල්ලු වෙමින් පවතින බවත් ඒ නිසා බෙදී වෙන් නොවී ප්‍රජාත්‍රන්තවාදය, නිදහස, සාමානත්වය රැකගෙන එක් විය යුතු බවත් නැතිනම් මේ හිඩැස පිරවීමට අපි නොහිතන බලවේගයන් මතු විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ණය අර්බුදය හා හෙට දවසේ විසඳුම් සංවාදයේදීය. මෙය සුම් තාක්ෂණය ඔස්සේ ඊයේ (02) දින පැවැත්විණි. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුයේ මහීල් බණ්ඩාර විසිනි.

 

-ශානි-

Social Sharing
නවතම