COVID 19 එන්නත් කිරීමේ නියත විවරණ ලැබීම!

ශ්‍රී ලංකා රජයට ලැබෙන ලෝක බැංකු ආධාරකයක ශිෂ්‍යත්ව ප්‍රතිලාභිනියක ලෙස මම බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන විට පසුගිය මැයි 18 වන දින මෙරට ජාතික සෞඛ්‍ය සේවාවෙන් (NHS) කෙටි පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ පහත දැක්වෙන ඉංග්‍රීසි ප්‍රකාශන යේ සිංහල අනුවාදනය වේ;

“හිතවත් වාසල සමරකෝන්.  මෙම පණිවිඩය, covid 19 වෛරසය මර්ධනය කිරීමේ එන්නත ලබාගැනීම සමඟ බැඳේ. එන්නත ලබාගැනීමට අදාළ වන වයස් කාණ්ඩය ට අයත් වීම හේතුවෙන්, ඔබට එන්නත ලබාගැනීමට අරධානා කරන අතර ඒ සඳහා ලියාපදිංචි වීමට ජාතික සෞඛ්‍ය සේවාව වෙත පිවිසෙන්න….”

පසුව එය ලිපියක් ලෙසද පැමිණුනි.

මෙම පණිවිඩය මා වෙත ලැබෙන අවස්ථාව වන විට,  සංවර්ධිත, ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයන් හි ජනාවාස වූ ද, වුවද, ශ්‍රී ලංකා මව්බිම සුරැකීම වෙනුවෙන් නිරන්තර ක්‍රියා කරන මාගේ යහළු / යෙහෙලියන් , “එන්නත් විය ”යන සමාජ මාධ්‍ය මුද්‍රාව තම ගිණුම්හි  ප්‍රදර්ශනය කරමින් සිටි. එම පසුබිමේ, ශිෂ්‍යාවක් ලෙස පැමිණි මා අමන්දානයන්දනයට පත් වුයේ, සිංහල – බෞද්ධ  පුත්‍රයන්ගේ දේශයේ උපන්, එම වාර්ගික දු-පුතුන් ද එන්නත, ඔවුන්ගේ ම ප්‍රභූ පංතියේ මංකොල්ලකරනය හේතුවෙන් අසරණව සිටින අවස්ථාවක, පිටරටියෙක වන මා  එන්නත් කිරීමට සුදුසු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව තීරණය කිරීමය. එම තීරණයේ එකම පදනම මා අයත් වයස් කාණ්ඩය වේ.

බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව යනු සංසන්දනය කිරීමේ හැකියාවක් නොමැති සන්දර්භ දෙකකි. එහෙත්, මෙම පණිවිඩය සමඟ මගේ ස්ත්‍රී විඤ්ඤාණය කියන කතාව පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී / පුරුෂ වැසියන් සහ ඔවුන් විසින් පත් කල ආණ්ඩුව සහ විපක්ෂය හොදින් ම දන්නා කරුණක් ලෙස මා උපකල්පනය කරනුයේ, covid 19 එන්නත්කරණයේ මුල්‍ය දුෂ්කරතාවය වේ.  බ්‍රිතාන්‍යය ට පවුම් බිලියන 2.9 ක් මඟින්,  එන්නත් ප්රමාන මිලියන 267 ක් මිලදී ගැනීමට හැකියාවක් තිබුනද (https://news.sky.com/story/covid-19-less-than-half-of-uk-population-could-be-vaccinated-in-2021-spending-watchdog-says-12162805) ශ්‍රී ලංකාව වැනි මාධ්‍ය අදායම්ලාභී රාජ්‍යයක් වෙත එය දැරිය නොහැකි බව අපි සියලු දෙනාම හොඳීන්ම දනිමු. එසේනම්, වසංගතයෙන් ගැලවීමට කිසිවක් කල නොහැකිවිද ?

එන්නත හරහා වසංගතය මර්ධනය සොයාගන්නා තුරු, බ්‍රිතාන්‍ය තුල 69,771 වෙත ලියූ මරණ සහතිකහි, මිය යාමට හේතුව ලෙස covid 19 අසාදනය සහ එහි ආශ්‍රිත වර්ධනය ලෙස සඳහන් විය. මාගේ බ්‍රිතාන්‍ය මිතුරියක් පැවසූ ලෙස ‘එය ඉතාම බයංකාර අඳුරු යුගයකි’. එම අඳුරු යුගයේ වාසිය ලබාගත එකම පුද්ගල කණ්ඩායම වුයේ, ශ්‍රී ලංකා වේ පොදුජන පෙරමුණ හී ව්‍යවස්ථාදායක සහ විධායක නියෝජනය වේ.  එහිදී, මෙම මරණ නිරන්තරයෙන් දෙරණ සහ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරණය කරමින් සමාජගත කල පණිවිඩය නම්, තමන්ගේ පෙරමුණ හොදින් ම වසංගතය මර්ධනය කල බවත් එයට ශවේන්ද්‍ර ඇතුළු කණ්ඩායම සහයෝගය දුන් බවත්ය.

ඒ වන විට, විදේශයක සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි මාගේ විශ්ව විද්‍යාල මිතුරියක ද කිවේ, ‘ඇත්තෙන්ම ආණ්ඩුව ඉතාම සාර්ථක ලෙස නිරෝධායන සහ වසංගත මර්ධනය සිදු කල බවය’.  එහෙත් පසුවිපරම් කිරීමේ දී පෙනී යන කරුණ නම්, බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනත් සංවර්ධිත රාජ්‍යයන් තුළ, වසංගතය ආශ්‍රිතව සිදු වූ මරණ අනුපාතය වර්ධනය වන විට, එන්නත්කරණය පිලිබඳ පර්යේෂණ පැවැත්වෙමින් තිබු අතර, වසංගතය වෙනුවෙන් නිශ්චිත ඖෂධයක් පිළබඳ එකඟත්වය නොමැති වීමය. එසේම මිනිස් සිරුර හරහා වන වාහකය නැවතීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අර්ථයෙන් සංචරණ සිමා පැනවීම හෙවත් Lock Down කිරීම වෙත නිසි නෛතික සම්පාදනය ද සකස් කිරීමට ද, ඒ වෙනුවෙන් ජනතාව සුදානම් කිරීමට ද මෙම රාජ්‍යයන් ට සිදු විය .

එවැනි පසුබිමක මරණ අනුපාතය ඉහල යාම සිදුවිය හැකිය. එහෙත් දුපත් රාජ්‍යයක සිට ලෝකය දකින අප සිතුවේ, වසංගතය ද මුල්ලියවයිකාල් හි දී කල අවසන් කිරීම සමවම සිදු කිරීමට හැකි වූ බවය .

එසේම පොදුජන පෙරමුණු වූ මිස විද්‍යාත්මක දැනුම අවම, සිංහල-පුරුෂ මුලික රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ද ඇතුලත් ආණ්ඩු ව,  මෙම වසංගතය  පැතිරයාම  මුස්ලිම් වැනි සුළුවාර්ගික ජන කොට්ටාශ හරහා සිදුවන බවට වූ අසත්‍යකරණය ප්‍රචලිත කළේය.  මහර දී මරාදමන ලද  හිරකරුවන් ගේ ආදරණීයයන් අනාගතයේ යම් දවසක යුක්තිය වෙනුවෙන් පර්යේෂණ අපේක්ෂාවේ න් ද, ආගමික විශ්වාසය හේතුවෙන්  මුස්ලිම් ප්‍රජාවද, covid 19 රෝග ලක්ෂණ හේතුවෙන් මිය ගිය / මරා දමන ලද සිරුරු භූමදානයට කරන ලද ඉල්ලීම සමඟ ක්‍රීඩාකරන ලද ආණ්ඩුවක් සහ සෞඛ්‍ය වෘත්තීයවේදියෝ ජනතාව දැනුමට ඇති අහිතිය අහිමි කරමින් සිටින ලදී.

ඒ අතරම කිසිඳු සායනික ප්‍රත්‍යක්ෂ කිරීමක් නොමැති වූ, ධම්මික පැණිය නිෂ්පාදනය ට රාජ්‍ය අනුග්‍රහය ලබා දුනි. ධම්මික පැණියෙ ආඛ්‍යානය සිහි කැඳවුයේ, මද්‍යතන යුගයේ දී පල්ලිය වෛද්‍ය විද්‍යාව මරාදැමීමට කළ උත්සය අඩංගු විවච්චේදකයා ගේ කතාවය  (Federico Andahazi  විසින් රචිත The Anatomist කියවන්න). පැණිය පිලිබඳ ප්‍රචාරණයේ ආරම්භය යනු සිංහල- බෞද්ධ රාජ්‍යයේ වසංගත මර්ධනය අසාර්ථක වීමේ ආරම්භය වේ. එම අසාර්ථක වීම දැන සිටි ඔවුන්, සියරට දේ සිරි සැප දේ යන මිත්‍යාව, බටහිරෙන් ලද පාර්ලිමේන්තුව තුළ සම්මත කරමින් සුජාතකරණය කරන ලදී.  මුලින්ම සමාජ ක්‍රියාකාරීන් ගේ විරෝධය සමඟ පසුව බැඳෙන වෛද්‍ය ක්ෂේත්‍රය සහ අයුර්වේද අංශය, මෙම පැණිය, හරහා covid 19 වෛරසය මර්ධනයකළ නොහැකි බවට පැවසිය (https://www.colombotelegraph.com/index.php/desperate-times-need-desperate-measures-so-comes-kegalle-peniya/).

ඉතාම පුදුම කරුණ නම්, ඉටුකම covid 19 අරමුදලෙන් රුපියල්  67, 543, 967.00 (http://www.colombopage.com/archive_21A/May10_1620667307CH.php) වැය කර දැනුම්වත් කිරීමේ ව්‍යාපෘති සිදු කරන විට, ජනයා තව දුරටත් වසංගතය සමඟ බැදෙන  මිත්‍යාව පසුපස ගමන් කිරීමට දෙරණ වැනි මාධ්‍ය කටයුතු කිරීමය.

ඒ අතර ප්‍රධාන දේශපාලන සංවාද දෙස අවධානය යොමු කරන්න. ගම සමඟ පිළිසඳර, පළාත් සභා, බලය බෙදීම, නැව් ගිනි ගැනීම සහ නිවීම වෙනුවෙන් රක්ෂණ මුදල් ලැබීම, පොලිසිය භාරයේ සිටි සැකකරුවන් මරාදැමීම, ඩොලරය සහ කිරි සම්බා අතර මුල්තැන වෙනුවෙන් වූ තියුණු තරඟය. ඔටුනු ගැලවීම්, රාජ්‍ය දේපල අවභාවිතයෙන් නිදොස් කොට නිදහස් කිරීම  සහ ආසන්නතම හේතුව වූ, වරය නගරයේ වෙනුවෙන් වන චීන ස්වයංනිර්ණ අයිතිය පිළිගැනීම අතර වසංගත මර්ධනය වෙනුවෙන් රාජ්‍ය අවධානයක් වීද?

ශ්‍රී ලංකාවට එන්නත ලබා ගැනීමට මුල්‍ය හැකියාවක් නොමැති වූ පසුබිමක රාජ්‍ය ශක්‍යතාවය වුයේ, වසංගතය නිවාරණය වෙත ප්‍රමුඛත්වය ලබා දීමය. ඒ වෙනුවෙන් ඉතාමත් ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය සේවාවක් තිබුණි.  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ගේ, ඉහලට ගමන් කරන ප්‍රජා වෛද්‍ය සේවාවක් වේ. මෙම සේවාව ශක්තිමත් කිරීමට ක්‍රියා මාර්ග ගත හැකිව තිබුණි.

එසේම එන්නත් ප්‍රධාන සහ මිලදී ගැනීමෙන් පසුව එය ලබාදීමේ දී වෘත්තිය නොව, සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු  පදනම් ව බෙදාහැරීමේ සිතියම සැකසිය යුතු විය.  බ්‍රිතාන්‍යයේ මෙන්ම බොහෝ රාජ්යයන් ගේ සිදු වුයේ සෞඛ්‍ය ක්ෂේත්රය වෙත මුලිකත්වය ලබා දීමය. එහිදී  වෛද්‍ය / හෙද කාරය මණ්ඩල පමණක් නොව, රෝහල් පිරිසිදු කරන ප්‍රජාව ද අනත්ර්ගත විය (https://www.england.nhs.uk/2021/01/health-and-care-staff-urged-to-protect-themselves-and-others-by-getting-covid-19-vaccine/). මන්දයත් වෛද්‍ය / හෙද / සහයක කාර්ය ශ්‍රමික (ස්ත්‍රී/ පුරුෂ ) පාර්ශව මෙන්ම, මෙම පිරිසිදු කරන / රැකබලා ගැනීම් සේවා සපයන ප්‍රජාවද වෛරස වෙත විවර වීමේ අවධානම වැඩි හෙයිනි.  මම ලංකාවේ අබාන්ස් හෝ වෙනත් පිරිසිදු කිරීමේ ප්‍රජාව වෙත එන්නත සපයුනි දැයි නිශ්චිතවම නොදනිමි.

ඉන් අනතුරුව වයස්ඛණ්ඩය හට එන්නත් සැපයීම සිදු වේ. බ්‍රිතාන්‍යයේ නුපන් වූවද, අදාළ වයස් ඛණ්ඩය වෙත නිර්දේශ වේ නම්, එන්නත ලබාගත හැකිය, එනනත ලබාගැනීමේ වැදගත්කම නම්, covid 19 ව්‍යාප්ත වීම අඩාල කිරීමට දැනට පවතින වඩාත්ම කාර්යක්ෂම සහ අරක්ෂිතම ක්‍රමවේදය වීමය. (https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/vaccine-benefits.html).

වර්ථමාන ආණ්ඩුව වෙත උපදෙස් දීමට ප්‍රමාණවත් පිරිසක් සිටින බවට, පොදුජන පෙරමුණු සාමාජික මහින්ද පතිරණ මහතා, සමාජ මාධ්‍ය හරහා පවසා තිබූ බැවින්, උපදේශනයක් නොමැති පහත අදහක් ප්‍රකාශ කිරීමෙන් ලිපිය අවසන් කරමි.

” කාබනික පොහොර අහිමිව, වගා කරගැනීමට නොහැකි වූද, වකුගඩු රෝගය ද සමඟ පොර බදිමින් සිටිනා වූ ද, මුල්‍ය  සමාගම් වල වැල් පොලිය හේතුවෙන් පිඩා විඳින්නා වූ ද, අතුරුදහන් කරන ලද ආදරණීයයන් හේතුවෙන් සදාකාලික ව වැලපෙන, හිංසනයෙන් නිදහස් නොවූ කලාපයන් ගේ වැඩකරන සහ අධ්‍යාපන අයතනයන්ගේ ශ්‍රම සුරාකෑමට ලක්වන ජනයා ද ඇතුළු වැඩකරන පංතිය වැලක්වීමට හැකිව තිබූ සහ අවශ්‍ය නම් අදටද හැකියාව පවතින මරණයන් බේරා ගැනීමේ වගකීමෙන් රජයට ඉවත් විය නොහැකිය. එසේ අනාරක්ෂිත ව කටයුතු කරන රජය සිදුකරනුයේ 2009 දී හා සමවන තවත් ජනඝාතනයකි. එම ජනඝාතනය අවසන කිරිබත් පිසීම සහ අනුභව කරන්නේ කවුරුන්  විය හැකිද? ”

-අරුණි සමරකෝන්-

Social Sharing
නවතම විශේෂාංග