ඇන්තනී හොප්කින්ස් යනු රංග පාසැලකි.

 “This is life, it’s not a rehearsal.”

රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි.

83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය 2021 වසරේ දී ඔයැ Father චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තේය. ඇකඩමි සම්මානය දිනාගත් වයසම නළුවා ඔහු යි. ඒ ඔහු හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනාගත් දෙවෙනි වතාවයි.

ඒ 1992 විය යුතුය.  

ප්‍රංශ, ජර්මන්, ඉන්දීය, චීන චිත්‍රපට උළෙල අත නොහැර ගමන් කළ යුගයයි. ඒ දිනවල අප ඇමෙරිකානු චිත්‍රපට දෙස වැඩි අවධානයක් යොමු නොකළෙමු. නමුත් හදිසියේ ම 1992 වසරේ දී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂ, හොඳම තිරනාටකය ඇතුළු ඉහළම සම්මාන 05 දිනා ගත් ඔයැ The Silence of the Lambs නම් චිත්‍රපටය අපගේ අවධානයට යොමු විය. මේ වන විට මෙම චිත්‍රපටය විශාල වාර ගණනාවක් පුරා නරඹා ඇත්තෙමි. එහිදී වැඩි අවධානයක් යොමු වුනේ ජූඩි ෆොස්ටර් ට හිමි වු හොඳම නිළිය සම්මානයයි. වී.එච්.එස් කැසටයක් සොයා චිත්‍රපටය නැරඹූ විට වඩාත් අවධානයක් යොමු වූයේ එහි ප්‍රධාන නළුවා ලෙස රගපාන ඇන්තනී හොප්කින්ස් වෙතයි. ඔහුගේ හෙවනැල්ල ජූඩි ෆොස්ටර් ගේ රංගනය පුරා පැතිර තිබිණි. දෙදෙනා එක්ව සිටින දර්ශනයන් උණුසුමින් ද, තිගැස්මකින් ද යුතු විය. වියරු වෛද්‍ය හැනිබල් ලෙක්ටර් ලෙස සිදුකරන රංගනය නිසා චිත්‍රපටයට විශාල ගැමුරක් ලැබී තිබිනි. අප විසින් හැනිබල් ලෙක්ටර් ව දකින පළමු මොහොතේදී ම ඔහුගේ චරිතයේ ඇති ගුප්ත මෙන්ම, චර්යාවන්, දෙබස් පරිහරණයන් ආදිය මෙන්ම ඉතා සියුම් හැගීම් තුලින් ඔහුගේ චිත්තාභියන්තරයේ ඇති බිහිසුණු බව පෙන්වීමට සමත් වෙනවා. එවැනි රංගනයක් 1992 කාලයේ දී රංගන ශිල්පීන්ට අලුත් අත්දැකීමක් වූ අතර, එම රංගනය අධ්‍යයනයට ද පෙළඹුණි. ඒ අප ඇන්තනී හොප්කින්ස් නම් රංගනධරයාව ජනප්‍රිය සිනමාවේ දුටු පළමු වතාවයි.

anthony hopkins best movies Acting skills

2021 වන විට චිත්‍රපට 141 රගපා ඇති ඇන්තනී හොප්කින්ස් වේල්ස්යෙහි උපන් එම ප්‍රදේශයට විශාල ආදරයක් දක්වන්නෙක්. 2021 ඇකඩම් සම්මානය ලබාගන්නා අවස්ථාවේ දී ද ඔහු සිටියේ වේස්ස්හී ඔහුගේ මන්දීරයේ ය.  The Silence of the Lambs  අනතුරුව වඩාත් අවධානයට ලක් වූ චරිත රැසක් නිර්මාණය කිරීමට හැකිවිය. ඒ Howords End (1992), The Innocent ( 1993), The Remains of the day ( 1993), Nixon ( 1995), Titus ( 1999), Hannibal ( 2001), Red Dragon ( 2002 ), All the King’s Men ( 2006 ), Hitchcock ( 2012 ),The two Popes ( 2019)  යන චිත්‍රපට වලයි. මෙම චිත්‍රපට අතරින් Hannibal ( 2001), Red Dragon ( 2002 ) යන චිත්‍රපටවල ඔහු නිරූපනය කරනු ලබන්නේ The Silence of the Lamb චිත්‍රපටයේ ඔහු නිරූපනය කරන ලද හැනිබල් ලෙක්ටර්ගේ චරිතයයි. මේ චිත්‍රපට අතරින් Nixon ( 1995) yd Hitchcock ( 2012 )  යන චිත්‍රපට වල ඔහු නිරූපනය කරනු ලබන්නේ ජනාධිපතිවරයෙක් වූ, දේශපාලනික වශයෙන් සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ දුන් ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ගේ චරිතය හා චිත්‍රපට අධ්‍යක්ෂණයේ දී මෙන්ම සාමාන්‍ය ජීවිතයේ දී ද විචිත්‍රවත් චරිතයක් වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ චරිතයයි.

පුදුමය උපදවන කරුණක් වන්නේ වඩාත් නවීන තාක්ෂණය උපයෝගී කරගත් චිත්‍රපට වලටත් 2013 පසුව ඇන්තනී හොප්කින්ස්ව සහභාගි කරවා ගැනීමයි. Thor : The Dark World (2013 ) , The Transformers : The Last Knight (2017),  Thor : Ragnarok (2017), හොප්කින්ස් රංගනයෙන් දායක වූ එවැනි චිත්‍රපට වේ.

anthony hopkins best movies Acting skills

ඇන්තනී හොප්කින්ස් යනු රංග පාසැලකි. වේදිකාවෙන් පැමිණී සෑම රංගන ශිල්පින්, ශිල්පිනියන් විසින් හැදෑරිය යුතුම ශිල්පියෙකි. ඔහු විසින් වේදිකා රංගනයෙන් මිදී සිනමාව තුළ ඉදිරිපත් රංගනයත්, ඒ තුළට ඔහු අවතීර්ණ වන ස්වභාවයත් සුවිශේෂ ය. නිතර චරිතයේ අභ්‍යයන්තරය ගැන අවධානය යොමු කරන හොප්කින්ස් මවාගත්, චරිතයන්ට වඩා විශාල රංගනයන් සිනමාව තුළ ඉදිරිපත් නොකරයි. ඔහුගේ සිනමා රංගනයන් කිහිපයක් පමණක් දෙස බැලීමෙන් වුවද එය වටහා ගත හැකියි.

ඔහුගේ නිවස අභ්‍යයන්තර තුළ කලා නිර්මාණ, චිත්‍ර රැසක් ඇත. විශිෂ්ඨ සිතුවම් රැසක්. ආගමික හා සංස්කෘක සංකේත රැසක් ද ඒ අතර වේ. මේ සියල්ල අතර ඔහු ගෙමිදුළෙහි ඇති බුදු පිළියෙහි ප්‍රමාණත්, ඊට ලබා දී ඇති ස්ථානයත් දෙස බැලීමේ දී එය හුදු විලාසිතාවක් ලෙසම තබා නොමැති බව පෙනේ.

2021 ඇකඩම් සම්මානය ලබාගත් පසුව ඇන්තනී හොප්කින්ස් සමග සිදුකරන ලද සම්මුඛ සාකච්චාවක් අන්තර්ඡාලයේ තිබිණි. Augustman.com  හී Cezar Greif විසින් 2020 අප්‍රේල් 15 දින ලියන ලදුව පළ කරන ලද  Veteran Actor Anthony Hopkins Takes Us Through His Approach To Life And Career In Hollywood නමින් ලියන ලද ලිපියේ පරිවර්තනයක් මෙසේය.

“ඔබ විසින් වයසක නළුවෙක් සමග සම්මුඛ සාකච්ඡාවක් කරන විට, අමුතු විදියේ ගෞරවය මුසු වෙව්ළු හැගිමක් එනවා. ඔබට සිතෙනවා ඔහු තවමත් ඔහුම ද, ඔහුගේ පුද්ගලතාව ට ගැලපෙන හෝ කාලය විසින් ඔහුව අහෝසි කර, ඔහුව වෙනස් කර ඇති ද? ඔබට ඔහුව ඔහුගෙන් වෙනස් කර පෙන්වූ, ඔබ දුටු ඔහුගේ අතිශය විශිෂ්ඨ අවස්තාවන් සිහිගන්වයි ද?

ඇකඩමි සම්මාන දිනූ, තවමත් පැරණි විලාසිතා අනුව, ඔහුගේ දෙබස් සිහිගන්වමින්, ඔහුගේ විනිවිද යන, රග පෑ චරිත වෙත වූ නිරීක්ෂිත සහ තීව්රතාවයෙන් යුත් සුවිශේෂී සළකුණ කිසිඳු වෙනසක් ඔහුගේ වයසේ දී සිදු කර නැත. අසුතුන් වියැති මේ රංගවේදියා මිහිකත වෙව්ලන රගපෑමක් 2018 කිංග් ලියර් හී නිරූපනය කළේය. (රිචඩ් හැරිස් 72 වියැතිවත්, මැක්ලේන් 79 දීත් කළෝය.) ඔහු එය සිදු කළේ කෙසේදැයි පැවසීමට ඔහුට බල කළේය. ඔහු දන්නේ නෑ වගේම පුදුමයට මෙන් වෙන කිසිවෙක් දන්නෙත් නෑ ඔහු තවමත් ශක්මත්ව සිටින්නේ කොහොමද කියලා.

ඔබ හැදුනේ වේල්ස් යේ. ඔබගේ ළමා කාලය ගැන ඔබට ඇති මතනයන් මොනවද?

වේල්ස් කියන්නේ නිකම්ම කුඩා රටක් බි්‍රතාන්‍ය දූපත් අතර. ලෝකයෙන් වෙන් වූ පරිසරයක මම උපත ලැබුවේ. ඒ කාලයේ මට වෙනස් උච්චාරණ ශෛලියක් තිබුණේ. මම ඉක්මන් හා තියුණු නැහැ. ඒ වගේම අධ්‍යාපනික කටයුතු වලදි මතු වී පෙනුනේ නැහැ. පසු කාලයකදී මගේ බිරිඳ විසින් මගේ ඒ කාලයේ ගුරුවරියක් හා සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. ඇය කියා තිබුණා මා නොනැසී සිටීමට කිසිම අවස්තාවක් තිබුණේ නැති බවත්, ඒ තරම් මම නිහඩ චරිතයක් වූවා. සම්බන්ධතා ගණනාවක් හා හදිසි අනතුරු ගණනාවකින් පසුව මම නළුවෙක් වුණා. මම දන්නේ නැහැ වෙන කිසිවක් කරන්න. නමුත් හදිසියෙන්ම, වසර කිහිපයකින් පස්සේ මම ගමන ආරම්භ කළා. එය තරමක් අතිවිශේෂයි.

ඔබ හිතන්නේ ඔබගේ සාර්ථකත්වය වාසනාවක් කියලා හිතනවද?

මටත් හිතාගන්න බෑ. නමුත් කියමනක් තියෙනවා මම හොඳ ජීවිතයක් ගැන, ඔබ ජීවිතයේ එක්තරා වයසකට ආවම, ආපසු හැරිලා බලන විට, ඔබට හිතෙනවා ඔබගේ ජීවිතය ලියා තිබෙන්නේ වෙනත් කෙනෙක් බව. ඔබට සම්බධතාවය හිතාගන්න බෑ. නමුත් සියල්ල එකිනෙකට සම්බන්ධිතයි. මට කිසිවකින් කීර්තියක් ලබා ගන්න බෑ. ඇත්තටම එය මමංකාරයෙන් මතුවෙන සමීකරණයක්. මම ඒ හැÛීමට කැමතියි.

ඒක අභිරහසක්. මා කොහොමද එතනට ආවේ කියලා. මොකද මම පාසැලෙන් අයින් වුනේ 1957 දී. මොනවා කරන්නද කියලා දන්නේ නැතුව. මම හමුදා සේවයේ අවුරුදු දෙකක් හිටියා. තවත් කාලයක් සමාගමක වැඩ කළා 1965 දී. මම ලෝරන්ස් ඔලිවියර්ට පරිවාර නළුවක් ලෙස වැඩ කරමින් නැගී සිටියා.හදිසියේම මම ලෝරන්ස් ඔලිවියර් එක්ක වේදිකාවේ. ඒක වෙන්න බෑ.ඒ හැගීම මගේ ජීවිත කාලය පුරාම තියෙනවා. මම ඒක ප්‍රශ්න කළේ නැහැ. එය නිකම්ම සිද්ධ වුනා. ඒක හරියට ඔබ නියම වෙලාවේ නියම තැන හිටියා වගේ හැගීමක්. ඒකට තමයි දෛවය කියන්නේ.

ලෝරන්ස් ඔලිවියර් ඔබගේ උපදේශකයෙක් ද ?

ඔහු මා කෙරෙහි කැමැත්තක් දැක්වූවේ ඔහු මගේ ශාරීරික ශක්තිමක් බවටත්, ධෛර්යය සම්පන්න බවටත්. ඔහු මට කිව්වා මේ වෘත්තියෙදි දැඩිව සිටිය යුතු බව. ඔහු මට කැමති වුනාට මම ඒ කාලේ ඒ ගැන වැඩිය අගය කිරීමක් කළේ නැහැ. මා ඒ දවස්වල බීමත්ව සිටියා, සියළුම තරුණ නළුවන් මෙන්ම මම ඒ කාලයේ රත් වූ වැදගම්මකට නැති අයෙක්. එය අනතුරුදායක දෙයක්. මම හිතනවා මම ඒ විදියට නොසිටියා නම් කියලා. ඒත් මටත් ඒ වගේ කාලයක් තිබුණා.

ඔබ තරුණ නළුනිළියන්ට උපදේශකයෙන් වී තිබෙනවා ද?

මම උත්සාහ කළා උදව් කරන්න. මම ඔවුන්ට කියනවා නිවුනු කෙනෙක් වගේ ඉන්න එපා කියලා. මොකද ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට රංගන කෞශල්‍යය අධ්‍යයනය කරන්න, විනයානුකූල වෙන්න කියලා. මේක තරඟයක් නෙමෙයි. මිනිසුන් සමග තරඟකාරීවීමට යාම කාලය කා දැමීමක්. කොහොමද ඔබ තරග වදින්නේ? සම්මාන වලින් ද? ඔබට මිනිසුන් පස් දෙනෙක් ඔබගේ නම යෝජනා කරනවා. පසුව හතර දෙනෙක් පරාජිතයන්. සතුටින් කියලා පෙන්වන්න හදනවා. ඒවා ඔක්කෝම විකාරයක්. වඩා වැදගත් දේ නම් නිරන්තරයෙන් උත්සාහ කිරීම හා නිරත්තරයෙන් ඔබට ලබා දිය හැකි හොඳම දේ ලබා දීමයි.

එසේ වුව ද ඔබ The Silence of the Lambs  සඳහා ඔස්කා සම්මානය දිනාගත්තා.

ඔව්. මම දිනුවා. මම එය බලාපොරෝත්තු වුනේ නැහැ. ඒකට කමක් නැහැ. මම කවදාවත් සම්මාන උළෙල බලන්නේ නැහැ. මම කවදාවත් ඒවට යන්නේ නැහැ. සමහර මිනිසුන් මෙම තරග බරපතල ලෙස ගන්නවා. ඔවුන් සමඟ වැඩ කරන්න නොසෑහෙන ලෙස අසීරුයි.

එය හරියට පසුගිය මාස හය තුළ භාවිතා කළ අළුත් කාර් එකක් ගන්නවා වගේ නේද. ?

ඉහළ තැන ලබාගෙන තිබෙනවා සහ ඔස්කා සම්මානය දිනාගෙන තිබුණත් ඔබ “දැන් මොකක්ද?” කියලා හිතෙනවා. එය අවසානය වෙන එකක් නැහැ. කිසිවක් අවසන් නැහැ. අපි හැමෝම මැරෙනවා. ඒය තමයි අවසානය වෙන්නේ. සියළු කීර්තිය සහ අර්ථශූන්‍ය දේවල් වල කිසිවක් අදහස් කරන්නේ නැහැ. ඔබ වාසනාවන්ත නම් ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඔබට ඉහළ තැනක් ලැබෙනවා. ඔබට පැසසුම් ලැබෙනවා. ඒත් ඔබ එය බරපතල ලෙස ගත යුතු නැහැ. ඔබ එය බරපතල ලෙස ගතහොත්, ඔබ හිතුවොත් ඔබ අද්විතීයයි කියලා, ඔබ අවසානයි. කිසිවෙක් අද්විතීය නැහැ. කිසිවෙක් විශේෂ නැහැ. නළු නිළියන් විශේෂයෙන්.

ඔබ ජනප්‍රිය වන්නේ ඔබගේ රංගනය සඳහා ගැඹුරින්, ඔබ කියන ලෙසම ඔබ method actor කෙනෙක් නෙමෙයි. ඔබට මෙය පැහැදිලි කරන්න පුළුවන් ද? 

හොඳයි. මම පෙළ ගැඹුරින් අධ්‍යයනය කළා. මම හිතන්නේ එම අධ්‍යයනය මගේ මොළයට රසායනික බලපෑමක් සිදුවෙනවා. මම සමහර දැඩි පුද්ගලයන් ගැන රංගනයෙහි යෙදුනා. හරියට King Lear හරි ඩයමෙන්ෂියා රෝගයෙන් පෙළෙන පියා The Father එය වෙහෙසකරයි. නමුත් මම ක්‍රමවේද රංගන ශිල්පියෙක් (Method Actor) නෙමෙයි ඒ අර්ථයෙන්. මා විශ්වාස කරන්නේ අදාල පෙළ අධ්‍යයනය කිරීමයි. ඔබ පෙළ හොඳින්ම දැනගත් විට, ඔබට එය දියුණු කරන්න, යථාර්ථයක් කරන්න පුළුවන්. එය පහසුයි. ඔබට එය මවාපෑමෙන් කරන්න බැහැ. එය කළ නොහැකි දෙයක්. මට එය කරන්න බැහැ. මම රංගනයේ යෙදිලා තියෙනවා තමන්ගේ කාර්යය නොදන්නා නළු නිළියන් සමÛ. ඔවුන් සියළුම දෙනා අනෙක් අයගේ කාලය කා දමනවා.

ඔබ ඔබ ගැන හිතනවද පහසුවෙන් කිසිවෙක් බිය කරන්න පුළුවන් කෙනෙක් කියලා ?

අපොයි ඔව්. මම දන්නවා මට පුළුවන් කියලා. එය ශිල්ප ක්‍රමයක්. මම Silence of The Lambs තිරනාටකය කියවන විට මම හිතුවා “මම දන්නවා කොහොමද මේ මනුස්සයව රගපාන්නේ කියලා”. ඔබට සංවේදනය වෙනවා ඔබට එය පුළුවන් කියලා. ඔබ වැඩිපුර අප්‍රකට හා නිහඩ ද, ඒ නිසාම ඔබ බියගන්වන සුළු වෙනවා.

ඔබ කණගාටුවෙනවද ඒකාකාරී චරිත කිරීමට සිදුවීම ගැන හෝ මිනිස්සු ඔබව අවුල් කරනවට ඇන්තනි හොප්කින්ස් සමග හැනිබල් ලෙක්ටර් සමාන කරලා? ඔබ මෙම තත්ත්වය අත්දැක තිබේද?

ඔව්. නැවතත්. මිනිස්සු කියනවා, “ඔබ රගපාන්නේම බියජනක චරිත කියලා.” නමුත් එය ඇත්ත නෙමෙයි. මම විවිධ චරිත රගපා තිබෙනවා. නමුත් ඒ කිසිවක් දැනී නැහැ. මොකද The Silence of The Lamb ඉතා ජනප්‍රිය චිත්‍රපටයක්. එය අඥානකමක්.  මම ජනාධිපති නික්සන්, පාප්තුමා, හැනිබල් ලෙක්ටර් තවත් චරිත රගපා තිබෙනවා. එත් මම ඒ කිසිවෙක් නොවෙයි. මා ඒකකාරී චරිත ප්‍රතික්ෂේප කරනවා.  

මගේ අවුරුදු 12 පුතා ඔබව දන්නේ ඔඩින් විදියට. ඒ ඔයදර  සුපිරිවීර චිත්‍රපටය නිසයි. කොළ පැහැති තිරය ඉදිරියේ ඔබට ඔබගේ රගපෑම කරන්න වෙන්න ඇති ?

ඔව් ගොඩක්. මම චිත්‍රපට තුනක් රගපෑවා පැවරූ අයිතිය (Franchise ) නිසා. මම Kenneth Branagh ට කැමතියි. මුල් අධ්‍යක්ෂයවරයෙක් වගේම අපූර්ව නළුවෙක්. ක්‍යරසි ්‍යැපිඅදරඑය  කියන්නේ තවත් භිහිසුණු නළුවෙක්. ඔහු හොඳම උදාහරණයක් කිසිදින මමංකාරයට ලං නොවුනු. මම හිතනවා ඔහු මට කිව්වා කියලා විශාල ප්‍රමාණයක් ප්‍රෝටීන් ඔහු මෙම චරිතය සඳහා ලබාගන්නවා කියලා. මම ඔහුට කැමතියි. මොකද ඔහු ලැබූ කීර්තියෙන් බලපෑමට ලක්නොවූ නළුවෙක්.   

ඔබ දෙවියන් ලෙස රඟපෑම ගැන විනෝද වුනාද?

හොඳයි…ඔබ ආයුධ සමග සැරසී සිටින විට ඔබට විශාල රගපෑමක් කරන්න බෑ. Branagh දන්නවා ඔහුට පෙන්වන්න ඕන මොකක්ද කියලා. ඒ නිසා එය පහසුයි. මම මුදල් ලබාගන්නත් ලැජ්ජා වුනා.

ඔබ බෙනඩික් XVI  පාප්තුමාව නිරූපනය කළ ඔයැ ඔඅද Two Pope ඒ සඳහා විශේෂ සූදානමක් තිබුණ ද?   

මට ජර්මන් උච්චාරණය ඉගෙනගන්න සිදුවුනා. ලතින්, ඉතාලි භාෂාවන් ඉගෙනගන්න සිදුවුනා. මෙම චිත්‍රපටයේ මා ෆ්‍රැන්සිස් පාප්තුමා ලෙස රගපෑ Jonathan Pryce සමග රංගනයේ යෙදෙන්න සිදුවුනා. එය විශිෂ්ඨ දෙයක්. ඔහු කිරීමට පහසු සුන්දර පුද්ගලයෙක්. මම ඔහුව කලින් හොඳින් දැන සිටියේ නැහැ. අප කිහිප වතාවක් හමුවුනා මෙම චිත්‍රපටයට පෙර, එක් වතාවක් එකට රඟපා තිබෙනවා. (1992 දී Under Milk Wood) ඔයැ ඔඅද ඡදචැි අධ්‍යක්ෂණය කළේ ත්‍ැරබ්බාද ඵැසරුකකැිග ඔහු අපූරු පුද්ගලයෙක්. ඔහුට අවශ්‍ය වන්නේ දෙවතාවක් රූපගත කිරීම පමණයි.  

අප සමහර දර්ශන රූපගත කළේ Sistine Chap අනුරුවක් වූ සිනේසිටි චිත්‍රගාරයේදීයි. ඒය හරියට John Wayne ඔහුගේ බටහිර චිත්‍රපට ගැන කිව්වා වගේ ’ඔබ Monument Valley වලට ගිය පසුව ඇමෙරිකානු භූ දර්ශන රගපෑම සිදුකරයි.´ ඒක ඇත්ත. ඔබ දර්ශන තලයට රඟපාන්න දෙන්න. ඔබ කළ යුත්තේ පෙනී සිටීම පමණයි. රෝමයේ දර්ශනීය ස්ථානයන් සමග රූපගත කරන විට ඉතා පහසුයි.   

චිත්‍රපටය ගැන ඔබගේ පරිකල්පනය කුමක්ද?

එය අදහස් දෙකක් සම්බන්ධයෙන් වූ තර්කයක්. එය වේගවත් ළයමානයක්, හාස්‍යයක් සමග වූ මිත්‍රත්වයක්. එය ණීරස වෙන්න ඉඩ තිබුණා. නමුත් අධ්‍යක්ෂවරයා එය බැලිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කළා. මෙම චිත්‍රපටයේ Ratzinger ගතානුගතික අදහස් ඇති අයෙක්. ඔහු මාස්ක්වාදියෙක් වූ Bergoglio විශ්වාස නොකරයි. නමුත් ක්‍රමයෙන් ඔහු තේරුම්ගන්නවා Bergoglio  වෙනස් අදහස් ඇති තවත් මිනිසෙක් බව.   

එය අළුත්ම චිත්‍රපටයක් වගේ මා සූදානම් වනා. ජොන් එෆ් කෙනඩිට කිසිවෙකුගේ මතවාදය වෙනස් කරන්න ඕන වුනේ නැහැ. ජනතාව ඔහුව යුද්ධයට තල්ලු කළත් ඔහුට යුද්ධය ඕන වුනේ නෑ. ඒ වගේම ඔහු නිකිතා කූෂෙව් සහ ෆිදෙල් කස්ත්‍රෝ යන නායකයින්ව තේරුම් ගන්න කෙනඩිට ඕන වුනා. ඒ නිසාම ඔහු කියුබාවේ මිසයිල අර්බුදය අඩු කරන්න අවශ්‍ය වුනා. කෙනඩි ගේ විශිෂ්ඨ හැසිරීම වන්නේ ඔහු කූෂෙව්ට මුහුණ දුන්නා ඔහුට නින්දා කරනවා වෙනුවට. ඒ කෙනඩිගේ එක් විශිෂ්ඨ දේශපාලන උපායශිලීත්වයයි.”  

Raz Adoti විසින් ප්‍රසිද්ධ සිනමා සංවාදයක දී අවසන ලද ප්‍රශ්න කිහිපයකට ඇන්තනී හොප්කින්ස් විසින් ලබා දුන් Powerful Emotion Acting Techniques: Hollywood Star Shares Secrets of Sir Anthony Hopkin නමින් අන්තර්ජාල ලිපියක පළ වී තිබූ අතර මේ ඒ ලිපියේ පරිවර්තනයකි.

anthony hopkins best movies Acting skills

මම පෙළ අධ්‍යයනය කරන්නේ අමතක කිරීමේ ක්‍රමයක් විදියට. මට රඟපාන්න කියන අවස්ථාවේදී මම ඊට එකඟ වෙනවා. මම දෙබස් ආපස්සට සහ ඉදිරිපසට කියවනවා. රංගන පරීක්ෂණයකදී හෝ දර්ශන තලයකදී ඔබට නැවතත් පෙළ ගැහ හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනත් නළුනිළියන් ඔවුන් ඔවුන්ගේ දෙබස් කියනවා. ඔවුන් ඔවුන්ගේ දෙබස් කියන විට ඔබට ඔබගේ ප්‍රතිචාරය ඉබේම කියැවෙනවා.

ඔබගේ පෙළ ඔබගේ මනසේ පාවෙමින් තිබෙන අතර එක්තරා අවස්ථාවකදී ඔබගේ පෙළ ඉබේම ප්‍රකාශ වෙනවා. නිතරම චරිතය සම්බන්ධයෙන් වැඩිපුර දැනගැනීමට ලැබෙනවා. ඔබ ඔබ ගැන පවසනවාට වඩා අනෙක් මිනිසුන් ඔබගේ රංගනය ගැන පවසාවි. ඒ වුනත් බොහෝ දෙනෙක්ට රංගනයේ මංපෙත් අමතක වෙනවා. මම කාලයක් ඒ අවකාශයේ සිටියා. මම දැන් දන්නවා එම හැගීම් හී සත්‍යවාදී බව. මා කළ හෝ මා අත්දුටු එවැනි අත්දැකීම් වලට මා යන්තම් තට්ටු කරනවා.

ඔබට එදින කලින්ම දැනගත් කතාවක් තිබෙන්න පුළුවන්. යම් ඛේදවාචකයක් ඔබව කණගාටුවට පත් කළ. සමහර විට එම සිදුවීම නිසා කඳුළුත් එන්න ඇති. හිතන්න පුළුවන් ද, ඔබට දිනයේ රගපෑම සඳහා ලැබෙන දර්ශනයට ඔබ එය රැගෙන ආ යුතුයි. එහෙම නැතිවුනොත් ඔබ සත්‍ය රැගෙන එන්නේ නැහැ. අනික් පැත්තට ඔබ අවංක වී නැහැ.

මට මතකයි මම නාට්‍ය පාසැලේ ඉන්න විට, එක්තරා ගුරුවරයෙක් දේශනයක් පවත්වමින් කියා සිටියා, ඬඔබ සිටින මේ කාමරයේ අවට දෙස බලන්න.ඬ එහි සිටියා පළමු වසරේ සිසුන් හා නවක සිසුන්. ඬඔබ අතරින් බහුතරය, මෙම කර්මාන්තයේ ඉදිරියට යන්නේ නැහැ.ඬ ඔබ දන්නවද… ඔවුන් නිවැරදියි.. ඔවුන් ඒ කියන විටත්, මගේ හිත කිව්වා, ඒ මං ගැන නෙමෙයි කියලා.

මම ඒ තුළට ගියේ නැහැ. කීර්ති සඳහා ගැන හේතු දැනගෙන හිටියේ නැහැ. මා රංගනයට ඇතුළු වුනේ කතන්දර කියන්න කැමති නිසයි. මා ඊට ප්‍රේම කරනවා. ඔබ දන්වද.. මා වේදිකාවේ සිටින මා ජීවත්වෙන බව මට දැනෙනවා. ඔව්.. එය රංගනය කෙතරම් අසීරු වුවත් ඔබට ඊට යන්න දෙන්න බෑ. ඔබ දන්වද..රංගනයේ දී මංගල්‍යයන් හා දුර්භීක්ෂයන් තියෙන්න පුලුවන්. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. නමුත් මංගල්‍යය වටිනවා. මමයි ඔබට කියන්නේ.

-සුදේශ් ද සිල්වා-

Social Sharing
නවතම විශේෂාංග