පලස්තීන/ඊශ්‍රායල ගැටුම් ගැන AMCA කථා කරයි.

පලස්තීනය හා ඊශ්‍රායලය අතර මේ වනවිට මතුව ඇති යුධ ගැටුම් හේතුවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී.

පලස්තීන හා ඊශ්‍රායල තානාපති කාර්යාල වෙත සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ  හා මහ ලේකම් පැතුම් වික්‍රමරත්න යන අයගේ අත්සනින් යුතුව ලිපි යොමු කරමින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සඳහන් මේ බව කියා ඇත.

සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කරමින්, ඔවුන්ගේ දේපල විනාශ කරමින්, මාධ්‍ය ආයතන පවා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම යුධ ගැටුම්, ප්‍රජාත්නත්‍රවාදයට හා මානව හිමිකම් වලට සපුරා පටහැනි බවද, ආසියාකරයේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් ලෙස, තම සංගමය දැඩි ලෙස අවධාරණය කරන බවද එම ලිපිවල දක්වා ඇත .

ඊශ්‍රායල හා පලස්තීන සිවිල් ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව  තම සංගමය පෙනී සිටින බවත්, දෙරටටම කඩිනමින් සාමය උදාවනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

-ශානි-

Social Sharing
නවතම විදෙස්