ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.

ඉන්දියාව පුරා කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දියාවේ සියලුම මගී, තැපැල් සහ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නතර කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ප්‍රවේශපත් කලින් වෙන්කර ගත් අයගේ මුදල් ආපසු ලබාදෙන බව ද දුම්රිය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් සංක්‍රමණික කම්කරුවන්ට ආපසු ගම්බිම් බලා යාමට මැයි මාසයේ සිට ක්‍රියාත්මකව පවතින විශේෂ දුම්රිය සේවා නතර නොකරන බව දුම්රිය බලධාරීහු කියති. මාර්තු මාසයේ ඉන්දියාව වසා දැමීම නිසා ලක්ෂ ගණන් කම්කරුවෝ තම ගම්බම්වලට යාමට නොහැකිව නගරවල සිරවී සිටිති.

එරට දෛනික රෝගීන් වැඩියෙන්ම වාර්තා වූ සංඛ්‍යාව දින දෙකක් ඇතුළත දෙවරක් ඉක්මවා ගියේය. පසුගිය පැය 24 ඇතුළත රෝගීන් 17,000ක් වාර්තා විය. එරට කොවිඩ් ආසාදිතයන් 490,000ක් සිටින අතර මරණ 15,301ක් සිදු වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු තහවුරු කොට තිබේ.

Social Sharing
නවතම විදෙස්