මුව ආවරණත් ගැටලුක්?

මුව ආවරණ ගැන කොරෝනා පැමිණෙන තෙක්ම අවශ්‍ය වුයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටය. කොරෝනා පැමිණි පසු මුව ආවරණ මුලු රටටම අවශ්‍ය විය. එහිදී මුව ආවරණ ඉල්ලුම ඉහළ යාම නිසා විදේශයෙන් ආනයනය කිරීමටද සිදු විය. ඉකුත් වසරේ මුල් කාර්තුවේදී මුව ආවරණ ටොන් 800ක් ආනයනය කර ඇත.

එසේ ආනයනය කළ මුව ආවරණ සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇත.

ඒ මෙරට මුව ආවරණ නිපදවීම නිසාය. මේ වන විට කර්මාන්තශාලා රැසක මුව ආවරණ නිෂ්පාදනය කෙරේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ පරිසරයට ඊළඟට බරපතල පාරිසරික ගැටලුවක් වන්නේ මේ මුව ආවරණ බවය.

දිනකට මුව ආවරණ ලක්ෂ 15ක් පරිසරයට මුදාහැරෙන අතර එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා පෙන්වා  දෙයි.

මේ වන විට මුව ආවරණ පැළඳිම අනිවාර්ය වන හෙයින් දිනකට බැහැරලන මුව ආවරණ ප්‍රමාණයද විශාලය.   දැනටමත් රටේ විවිධ ප්‍රදේශ වල මුව ආවරණ තැනින් තැන විසි කර තිබෙනු දැකිය හැකිය.

-ශානි-

Social Sharing
නවතම