පොලිස් බස් රථයට ඉස්සර වීමට නොදුන්නාට පුද්ගලයෙකුට පහර දීමක්?

පොලිස් බස් රථයකට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඊට ඉදිරියෙන් ගමන් කළ කාර් රථයේ රියැදුරුට පහරදීමේ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

මෙම සිදුවීම සිදු වී ඇත්තේ 05-05 වෙනි දින පස්වරු 6.00 ට පමණ කොළඹ-නුවර පාරේ යක්කල මංසන්ධිය ආසන්නයේ ගණේමුල්ල කුෂන් වර්ක්ස් ආයතනය අසලදීය.

කොවිඩ් වසංගතය නිසා මේ දිනවල පොලිස් මූලස්ථානයේ සේවය කරන නිලධාරීන්ට පොලිස් බස් රථ යොදවා ඇත. එසේ යොදන ලද බස් රථ අතරින් NB 0302 දරණ බස් රථයේ රියදුරු මෙලෙස හැසීරි ඇත.

මෙම බස්රථය ඉකුත් 05 දා පස්වරුවේ කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබියදී යක්කල ප්‍රදේශයේදී මොටර් රථයකට ඉස්සර කිරීමට කිහිප වතාවක්ම උත්සහ දරා ඇත. නමුත් ඔහුට ඉස්සර වීමට ඉඩ ලබා දීමට මෝටර් රථයේ රියදුරු අපොහොසත් වී තිබේ.

බස් රථයට ඉඩ ලබා දීමට හැකිව ඇත්තේ ඔහුට ගණේමුල්ල කුෂන් වර්ක්ස් ආයතනය අසලදීය. එහිදී පොලිස් බස් රථය මෝටර් රථයට ඉස්සර කර නවත්වා  එහි රියදුරු ඇතුලු පිරිසක් බැස විත් මොටර් රථයේ රියදුරුට අතින් පහර දී බැන වදිමින් ඔහුගේ මෝටර් රථයේ යතුර ගලවා අසල ඇති කාණුවකට විසි කොට පිටත්ව යන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.

එහිදී යු ටියුබ් නාලිකාව පුද්ගලයෙකු එම අවස්ථාවට පැමිණ මොටර් රථයේ රියදුරුගෙන් සිදු වු සිද්ධිය පිලිබඳ විමසා මේ බස් රථය ඉතා අපරික්ෂාකාරී අන්දමින් මාර්ගයේ ගමන් ගත් බවට තවත් යතුරුපැදිකරුවෙකු විසින් මෙහිදි ප්‍රකාශ කරන අයුරුත් වීඩියෝ කර ඔහුගේ යු ටියුබයට මුදා හැර තිබුණි.

මීට පෙරද ගම්පහ – මිනුවන්ගොඩ පාරේ ගමන් ගත් පොලිස් බස් රථයක් දොඹවල ප්‍රදේශයේදී මාර්ග අංක 244  පුද්ගලික බස් රථයකට ඉස්සර කරන්නට ගොස් නොහැකි වීම මත කෝපයට පත්ව ඉස්සර කිරිමට හැකි වු අවස්ථාවේදීම පුද්ගලික බස් රථය දෙසට පොලිස් බස් රථය කපමින් පුද්ගලික බස් රථයේ රියදුරුට අසභ්‍ය වචනයෙන් බැන වැදීමේ සිද්ධියක්ද  සිදුව තිබුණි.

අදාල යු ටියුබ් විඩියෝව

https://www.youtube.com/watch?v=UVcbmcmkTUI

Social Sharing
නවතම