හාල් මාෆියාව නැතිකරන්න ආපු අය ඩඩ්ලි ඉස්සරහා දණ ගැහුවා!

උදේනි දිසානායක

සභාපති සමස්ථ ලංකා කළමනාකරණ සේවා නිළධාරී සංගමය 

රජය නැගෙනහිර ජැටිය පෙන්නලා බටහිර ජැටිය දුන්නා නේද ඉන්දියාවට. වෘත්තීය සමිතිවල අදහස මොකද්ද මේ ගැන..

මේ රටේ පුරවැසියන් වගේම වෘත්තීය සමිති රැවටීමක් තමයි මේ ආණ්ඩුව කළේ කියලා දැන් අපිට තේරෙනවා. කොහොම නමුත් මම හිතන්නේ අපි නැගෙනහිර ජැටිය රැක ගත්තා. චීනෙට දීලා තියෙනවා එක ජැටියක 85% ක්, අපිට එන්නේ ආදායමෙන් 15% යි. නැගෙනහිර ජැටිය පිළිබඳ සටන දියත් වෙනකොට ආණ්ඩුව බටහිර ජැටිය අදානි සමාගමට දෙන කතාවක් තිබුණේ නැහැ. නමුත් මම හිතන්නේ ආණ්ඩුව ඊයේ පෙරේදා මාධ්‍යට කරපු ප්‍රකාශවලින් පෙනෙනවා කොයි වෙලාවක හරි මේ බටහිර ජැටිය ඉන්දියාවට දෙනවා කියලා. මොකද මේ ඉන්දු මුහුදු කලාපයේ බල දේශපාලනයේ තිබෙන ප්‍රශ්න ආණ්ඩුව සමනය කරගන්න හදන්නේ රටේ එක් එක් කොටස් විදේශයන්ට ලබා දීම මගින්. ඇමරිකන්  අධිරාජ්‍යවාදීන් විසින් තමයි ඉන්දියාව දැනට මෙහෙයවන්නෙ,ඒ අනුව තමයි මේ බල තුලනය ක්‍රියාත්මක වෙන්නේ, එහිදී ලංකාව සන්ධිස්ථානයක් විදිහට ඔවුන් හඳුන්වා තියෙනවා. රටේ වර්තමානයේ පවතින ආර්ථිකයේ කඩාවැටීම වළක්වා ගන්න ආණ්ඩුව තමන්ගේ එකම විසඳුම විදිහට දකින්නේ රටේ වටිනා දේවල් සහ ඉඩම් විකිණීම. මේ තත්ත්වය අස්සේ වෘත්තීය සමිති මොන අරගලය කළත් ඒවා තාවකාලිකව ජයග්‍රහනය කළත් මේ විකිණීමේ අනතුර තිබෙනවා.

පසුගිය කාලේ අපි දැක්කා සීනී ගෙන්වීමෙන් ආණ්ඩුවට හිතවත් සමාගම බදු වංචා කරමින් රාජ්‍ය මුදල් තමන්ගේ පසුම්බියට දමා ගන්නවා. මේවා  වෘත්තීය සමිති දකින්නේ නැද්ද?

මේ ආණ්ඩුවේ ඉන්න මුදලාලි හෙන්චයියලා ට මුදල් හම්බකර ගන්න ඉඩදීලා බලං ඉන්න වැඩපිළිවෙලක ආණ්ඩුව ඉන්නවයි කියන එක අපිට පහුගිය කාල සීමාවේදී පෙනුනේ මේ සීනි වංචාව නිසා. එතකොට ආණ්ඩුව පැහැදිලිවම කියනවා බදු අඩු කිරීම තුළ සීනි මිල පහල දානවා කියලා නමුත් ඒ මිලට කවදාවත් මේ රටේ ඉන්න මහජනතාවට සීනි මිලදී ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. එතනදිත් කළේ මහා පරිමාණයේ මුදලාලිලාට අවශ්‍ය මුදල් හම්බ කරගන්න පාර කපලා දුන්නෙ එක විතරයි. ඒ වගේම අපි දැක්කා විශාල ණය මුදලක් සිගරැට් මිලදී ගෙන ගබඩා කරගැනීම සඳහා බැංකුවක් හරහා ලබා දුන්නා මේ ආණ්ඩුවේ හෙංචයියෙකු ට. අයවැයෙන් සිගරට් මිල වැඩි වීමක් සිද්ධවෙයි කියලා හිතලා තමයි මේ මුදල ඔහු ඉල්ලන්නේ. එයින් පේනවා මේ බදු පැනවීම වගේම ඉවත් කිරීමත් මුදල් හම්බ කරන්න පුලුවන් සුදුවක් කියලා. ඒ වගේම අපි කියන්න ඕන මේ රටේ සහල් මිල කවදාවත් නියම විදිහට අඩු කරන්න මේ රජයට උවමනාවක් නෑ. පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන ව හම්බ වෙන්න ගිය මේ රටේ නායකයෝ දේශපාලනඥයො මං හිතන්නේ ඩඩ්ලි සිරිසේන ඉස්සරහා දණ ගහලා තමයි ආවා. ඒකියන්නේ මාෆියාවට ඔලුව පාත් කරන ආණ්ඩුවක් තමයි මේක.

රටේ හැමතැනම  වෘත්තීය අරගල. කෝවිඩ් අර්බුදයේ ඉදලා හැමතැනම අර්බූද.. මේ තත්ත්වය තුළ වෘත්තීය සමිතිවල හැසිරීම කොහොමද?

ඔව් දැන් රටේ තියෙන ප්‍රශ්න දවසෙන් දවස උග්‍ර වනකොට  වෘත්තීය සමිති විදිහට අපේ සේවාවල ප්‍රශ්නත් දවසෙන් දවස උග්‍ර වෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ ආණ්ඩුව පත් වෙලා වසර දෙකකට කාලයක් වෙනවා, හැබැයි එක වෘත්තීය සමිතියකටවත් එනම් ඔවුන්ට පක්ෂපාතී  නොවන එක වෘත්තීය සමිතියකටවත් ජනාධිපතිතුමා අගමැතිවරයා මේ වෙනතුරු සාකච්ඡාවක් දීලා නැහැ. හැබැයි ඔවුන් වෘත්තීය සමිතිවලට අරගල කිරීමට තැනක් හදලා දීලා තියෙනවා ගාලු මුවදොර පිටියේ තැනක. මැර පොලිස් බලඇණි දාලා ඒවා මර්දනය කිරීමටත් වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. නමුත් අපි හිතනවා වෘත්තීය සමිති විදිහට මේ රටේ රාජ්‍ය නායකයා හෝ දේශපාලන නායකයෙක් ප්‍රශ්නයක් ආවාම මැදිහත් වෙලා සාකච්ඡාවක් ලබා දීලා විසඳුම් ලබා දුන්නා නම් මෙච්චර ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා වෘත්තීය සමිතිවලට දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන්න වෙනවා. මේ රටේ සමාජ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා, මොකද අපි දැක්කා ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා මේ රටේ අධිකරණ, ක්ෂේත්‍රයට රාජ්‍ය සේවයට බලපාන ගැටලු, ඒ නිසා අනාගතයේදී වෘත්තිය සමිති විදිහට විශාල වැඩ කොටසක් කරන්න වේවි කියන එක මම හිතනවා.

Social Sharing
නවතම සාකච්ඡා