ව්‍යාපෘති 800 ක වැඩ නිම නැහැ! – ජනාධිපති පවසයි.

විදේශ ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති ව්‍යාපෘති 800කට අධික සංඛ්‍යාවක වැඩ නිමවී නැත. මේ සියලු ව්‍යාපෘති කඩිනමින් නිම කොට ජනතා අපේක්ෂා ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

“ගම සමග පිළිසඳරක්” තුළින් “වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ වැඩසටහනේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

75%ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති අතර ගොවි ජනතාව පාරම්පරිකව මුහුණ දී ඇති ගැටළු සහ දුෂ්කරතා නිසා වර්තමාන පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

අස්වැන්නට ඉහළ මිලක්, තාක්ෂණික දැනුම,  ජල කළමනාකරණය, දේශීය බීජ නිෂ්පාදනය, වෙළෙඳ පොළ සහ ප්‍රවාහන පහසුකම් සැපයීම, කාබනික කෘෂි නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කිරීම වැනි ක්‍රමවලින් ප්‍රශ්නය විසදා ගැනීමට නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ග්‍රාමීය ගැටළු නීති රීති මත නොව, ජනතාව දෙස බලා විසඳීමට පියවර ගැනීම වැදගත් වේ. එබැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස්, ජනතාව පෙළෙන ප්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙවර අය වැය ගොවි, ධීවර සහ කර්මාන්තවල නිරත ගැමි ජනතාවගේ ජිවන තත්ත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගත්තකි. එය ක්‍රියාත්මක කිරීමට විදේශීය විශේෂඥයන්ගේ හෝ උපදේශකයන්ගේ සහාය අවශ්‍ය නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පොළොව මත එය ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීම බව පැවසීය.

තම රජයක් බලයට පත්වූ සෑම අවස්ථාවකදීම මගහැරුණු රටේ සංවර්ධනය සහ ආර්ථිකය ගොඩනැගීම කාර්යක්ෂම සිදු කෙරිණ. ඒ සෑම අවස්ථාවකදීම මෙන්ම රට ගොඩනැගීමට රජයේ නිලධාරීන්ගේ සහය ඉදිරියටත් අපේක්ෂා කරන බව අගමැතිතුමා සඳහන් කළේය.

ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ දී පැන නගින ගැටළු සහ ඒවා නිරාකරණය කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම වැඩසටහනේ  අරමුණක් විය.

800 projects not completed - President Gotabaya Rajapaksa

800 projects not completed - President Gotabaya Rajapaksa

Social Sharing
නවතම