කරන්නාගොඩට එරෙහි නඩුව නැවැත්වීමට අතුරු නියෝගයක්!

ළමුන් 11 දෙනෙකු පැහැරගැනීම සම්බන්ධව ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ විභාගවන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩු විභාගය අතුහිටුවන ලෙසට අතුරු නියෝගයක් අද දින අභියාචනාධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.

ඒ මෙම නඩුව නැවැත්වීමට කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කල රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම ළමුන් 11 දෙනා පැහැර ගැනීම සම්බන්ධ නඩුව ජාත්‍යන්තර අවධානයද දිනා ගත් නඩුවක් වන අතර, මෙම නඩුව මේ වන විට වසර 11 ක් තිස්සේ විභාග වෙයි. වසර 11 ක් තිස්සේ සිය දරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් මව් පිය වරුන් අධිකරණයට ඉදිරිපත් විය.

Social Sharing
නවතම