පොලිස් පොඩ්ඩෝ 366 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලීසිය සිටින්නේ රටේ සාමය ආරක්ෂා කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමටය. නමුත් දැන් දැන් ඔවුන්ටද නීතියේ පිහිට පතා අධිකරණ වලට යාමට සිදුව ඇත. ඒ් ඔවුන්ට වෙන අසාධාරණකම් වලට යුක්තිය ඉල්ලාය. තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය පොලිස් සැරයන්වරු පිරිසක් ගැන අපට ඒලෙස (23) දින අසන්නට ලැබුණි.

ඒ් ජාතික පොලිස් කොමිසමේ චක්‍රලේඛනයට අනුව තමන් සියලුම සුදුසුකම් සපුරා තිබියදීත්, තමන්ට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, තමන්ට නියමිත උසස් වීම් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා පොලිස් සැරයන්වරුන් 366 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිම සම්බන්ධයෙනි.

පොලිස් සැරයන් උපාලි බණ්ඩාරනායක ඇතුළු 366 දෙනෙකු ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතීපති සහ වැඩබලන පොලිස්පති නම් කරනු ලැබ ඇත. මෙම පෙත්සම්කරුවෝ සියලු දෙනාම ශ්‍රී ලංකා පොලිස් සේවයේ වසර 30 ක සේවා කාලය ඉක්මූවෝ වන අතර ඉන් වසර 13 කාලයක් පොලිස් සැරයන් ධූරයේ කටයුතු කරන අය වෙති.

2019 වසරේ මැයි මස 09 වනදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන බව සඳහන් කෙරිණි. ඒ් අනුව මෙම චක්‍රලේඛනයට අනුව අධියර තුනක් යටතේ සැරයන්වරුන් 5483 ක් කාන්තා පොලිස් සැරයන් 277 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක උසස්වීම් ලබා දී ඇත.

මෙම ක්‍රමයට පෙත්සම්කරුවන්ද එම ධූරයන්ට උසස් කර ගන්නා ලෙස තමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කර ඇත. නමුත් ප්‍රතිඵලයක් ලැබී නොමැත.

ඒ් නිසා වසර 13 ක කාලයක් සපුරා ඇති පොලිස් සැරයන් සඳහා උසස් වීම් ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට මෙම පොලිස් සැරයන්වරු අධිකරණ ක්‍රියාමාර්ගයට පිවිස ඇත.

Social Sharing
නවතම