මහින්දට පුළුවන් නම්, ඇයි සජිත්ට බැරි?

මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කිරීමට හැකි වුවා සේ සජිත් ප්‍රේමදාස මහතාටත් එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් සමගි ජනබලවේගයෙන් ජයග්‍රහණය කිරිමේ හැකියාව ඇතැයිද එසේ කිරීමට නොහැකි තරම් සජිත් ප්‍රේමදාස මහතා කිරෙන් බාල වී නැතැයිද සමගි ජනබලවේගයේ විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

සමහරු ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩු හදන බව කියන නමුත් තම පක්ෂයට ඔහුත් සමඟ ආණ්ඩු හැදීමේ උවමනාවක් නැති බවත් තම පක්ෂය ජයග්‍රහණය කළ විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස බහුතරය ගත් කණ්ඩායමට කථා කළ යුතු අතර ඒ අනුව සජිත් ප්‍රේමදාම මහතා අගමැති ලෙස පත් කරන බවද ඔහු කියයි.

එහිදි සජිත් මහතා කැබිනෙට් මණ්ඩලය නම් කරන අතර ජනාධිපතිවරයා එය පත් කරන බවත් එහිදී තම පක්ෂයට ආණ්ඩුවක් ගොඩනැඟිය හැකි අතර ජනාධිපතිට බලතල නැතැයිද ඔහු කියා සිටියි.

ජනාධිපතිවරයා පිලිබඳ ගැටලුවක් නැතැයිද ඔහු සමඟ වැඩ කිරිමේ හැකියාවක් ඇතැයිද නමුත් ජනාධිපතිවරයා තමන් සමඟ එක් විය යුතු බවත් එසේ නැතුව තම පක්ෂය ජනාධිපතිවරයා සමඟ එක් වීමක් අවශ්‍ය නැතැයිද  විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

අයියාගේයි මල්ලිගේයි ඇති ගෝරියේ හැටියට සජිත් මහතාටත් ගෝඨාභය මහතාටත් එකට වැඩ කළ හැකි බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ දිනාගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් කිසිවිටෙකත් අහෝසි කිරිමට ඉඩ නොදෙන බවය.

මේ ආකාරයෙන් හෝ ජනතාව මිලිටරි ආඥාදායකත්වයෙන් බේරී සිටින්නේ ඒ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා යැයිද ඔහු මතක් කර සිටියි.

Social Sharing
නවතම