කරුණා අම්මාන් වෙඩි තිබ්බේ ප්‍රේමදාස මහත්තයා දීපු ගිනි අවි වලින් – නාමල් රාජපක්ෂ

කරුණා අම්මාන් කළා යැයි සදහන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂය කතා කරන්නට පටන් අරගෙන තිබෙනවා.කරුණා අම්මාන් බෙදුම්වාදය  අතහැර ඒකීය රාජ්‍යය පිළි ගෙන  ආපු කෙනෙක්.

කරුණා අම්මාන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මහාලේකම් සාගර කාරියවසම් මහතා පක්ෂයේ මතය ප්‍රකාශයට පත්  කොට තිබෙනවා. යැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රන්න ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

“අද විපක්ෂය කරුණා අම්මාන් ගේ ප්‍රකාශයක් ගෙන වේදිකාවල කෑ ගහනවා .එහෙම කෑ ගහන අය ඩයස් පෝරුව ගැන වචනයක් කියන්නේ නෑ. මේ රටේ ආරක්ෂක හමුදාවලට චෝදනා කරන අය සම්බන්ධයෙන් කිසිවක් කියන්නේ නෑ.

කරුණා අම්මාන් වෙඩි තිබ්බා නම් වෙඩි තිබ්බේ ප්‍රේමදාස මහත්තයා දීපු ගිනි අවි වලින්. කරුණා අම්මාන් පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශයක් කළා ප්‍රේමදාස මහත්තය තමන්ට ගිනි අවි ලබා දුන්නු බව.

කරුණාඅම්මාන් ඝාතන වලට වග කිව යුතුනම් ඔහුට ආයුධ ලබා දීපු ප්‍රේමදාසත් ඊට වග කිව යුතුයි.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම