බුර්කා / මද්‍රසා පාසල් තහනමට අත්සන් තැබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්  සරත් වීරසේකර මහතා පහුගියදා (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේය. ඒ 2019 අප්‍රේල් මස 21 වෙනි දින සිදු වු පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවකි.

ඔහු මේ වාර්තාවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු රැසක් අනාවරණය කර සිටියේය. එමෙන්ම ඔහු කියා සිටියේ ලංකාවේ බුර්කා හා මද්‍රසා පාසල් තහනම් කිරීමට පියවර ගන්නා බවය. මෙය ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින්ද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (12) දින බුර්කාව තහනම් කිරීමට හා ලියාපදිංචි නොවූ මද්‍රසා පාසල් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට නියෝගයට අත්සන් තබා ඇත.

ආගමික අන්තවාදීන් පිරිසක් විසින් පසුගිය සමයේදී මෙම බුර්කාව පැළදිය යුතු බවට වන සම්ප්‍රදාය ගෙනා බවත් මීට පෙර මුස්ලිම් කාන්තාවන් එවැනි බුර්කා පැළදීමක් සිදුනොකළ බවත්  අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම රට තුල ලියාපදිංචි නොවූ මද්‍රසා පාසැල් 2000 කට  අධික සංඛ්‍යාවක් ඇති බවත් ඒවා නිසි නියාමනයක් නොවීම නිසා ඉදිරියේදී වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු පවසයි.

රටේ සෑම වයස අවුරුදු 5-16 ත් අතර දරුවෙකු ජාතික අධ්‍යපාන ක්‍රමයට අනුව අධ්‍යාපනය ලැබීය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11 ක් හඳුනා ගනිමින් එම සංවිධාන නුදුරේදීම තහනම් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පහුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.

-ශානි-

Social Sharing
නවතම