“පාස්කු වාර්තාව” පුස්ස බින්දා වගේ වැඩක්! – අලුත් පියාපත් කියයි

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ට දඬුවම් දීමට ප්‍රථම වාර්තාවේ ඇති මුලික අරමුණ වු මේ පාස්කු ප්‍රහාරය මෙහෙයු සාමාජිකයා සොයා දඬුවම් ලබා දී වින්දිත ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකා නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය රජයට අවධාරණය කර සිටියි.

2019 සැප්තැම්බර් මාසයේ පිහිටවපු පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ මූලික අරමුණු වුයේ මෙහි පිටුපස සිටිමින් මෙහෙවුයේ කවුද යන්න අනාවරණය කර ගැනීම, සැලසුම් කළේ කවුරුද, වළක්වා නොගන්තේ මන්ද, මෙයට සහාය වුවෝ කවුරුද යන්න සොයා බලා ඒ වැරදිකරුවන්ට ද්‍රඩුවම් ලබා දෙමින් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරිමට සහ ඉදිරියේදී මෙවැනි දෙයක් නැවත සිදුවීම වළක්වා ගනිමින් ඊට නිර්දේශ ලබා ගැනීමට බව ඇය පෙන්වා දෙයි.

වසර එක හමාරකට වඩා මෙහි සාක්ෂි කැඳවමින් විමර්ශනය  කළ පාස්කු කොමිෂන් වාර්තාව පහුගියදා පිටු දහසකට වැඩි ප්‍රමාණයකින් යුක්තව ජනාධිපතිවරයා හා නීතිපතිවරයා වෙත  මේ වන විට පිළිගන්වා ඇති අතර එය තමන් දකින්නේ පුස්ස බින්දා වැනි යැයි ඇය පවසයි.

මේ වාර්තාවේ ඇත්තේ මේ ප්‍රහාරය මෙහෙවුයේ කවුද යන්න සොයන්නේ නැතිව අපරාධය වළක්වා නොගත්තා යැයි පවසමින්  රාජ්‍ය නායකයින්ට එරෙහිව ප්‍රතිපුරුෂ වගකීමක් පැවරීම බව ඇය කියයි.

එය වළක්වා නොගත් එවකට සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක ඇමති ඇතුළු රාජ්‍ය ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක අංශය වැරදිකරුවන් ලෙස අනිවාර්යයෙන්ම අපරාධ වගකීමට බැඳෙන බව තම සංවිධානය පිළිගන්නා නමුත්, කිසිවකුත් නොදන්නා අපරාධකරුවන් සොයා ගැනීමට නොහැකි වීම කාගේ හෝ වුවමනාවට සිදු වූවක් ද යන්න පිළිබඳව සැකයක් මතු වන බව ද  කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ අලුත් පියාපත් සංවිධානය ඊයේ දින (මාර්තු 04) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු අවස්ථාවේදීය.

Social Sharing
නවතම