දර්ගා නගරයේදී පොලිස් ප්‍රහාරයට ලක්වූ තාරික් අහමඩ්ගේ කතාව!

තාරික් අහමඩ්ගේ වයස අවුරුදු 14යි. ඔහු ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක් කියලා තාරික්ගේ දෙමාපියන් දැනගන්නේ, ඔහු පාසල් යවන්නට පටන් ගත් දා ඉඳලා. පසුගිය මැයි 25 වෙනිදා තාරික් ගෙදරට හොරෙන් පාපැදියක් පැදගෙන දර්ගා නගරයේ රවුමක් යනවා. මැයි 25 වැනිදා කියන්නේ කොවිඩ් වසංගතය නිසා ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පැවති දවසක්. දර්ගා නගරයේ පොලිස් මුරපොළක් අසලින් යන තාරික්ව පොලිස් නිළධාරීන් නතර කරනවා. තාරික් නිරතවෙලා ඉන්න දෙයකට අවුරු හෝ විරුද්ධ වුණොත්, ඔහු යම් කිසි ක්‍රියාවක් කරනවිට එය නතර කරන්න හැදුවොත්, තාරික්ට ටිකක් කේන්ති යනවා. ඒ තාරික්ගේ අසනීප තත්ත්වය නිසා. එවැනි වෙලාවට තාරික් කළහාකාරී විඳිහට හැසිරෙනවා. එවැනි අවස්ථාවක තාරික්ගේ චර්‍යාවන් බීමත් පුද්ගලයෙක්ගේ චර්‍යාවන් වගේ තමයි. ඉතිං තාරික්ව නතර කරන අළුගම පොලිසියේ නිළධාරීන්, තාරික්ගේ එම හැසිරීමට ප්‍රතිචාර දක්වන්නේ පහරදීම මගින්. හිංසනය මගින්. මෙම පොලිස් හිංසනයේ සීසීටීවී දර්ශනවලට අනුව පොලිස් නිළධාරීන් වගේම ඒ ස්ථානය පසුකරන පුද්ගලයි ද තාරික්ට හිංසා කරනවා. තාරික් නතර කරන්නේ ඇඳිරිනීතිය නිසා නම් ඒ වෙලාවේ එම පහර දීමට සහභාගී වන පුද්ගයින්ට එම නීතිය අදාළ නැද්ද? ප්‍රශ්නාර්ථයක්.

පොලිස් නිළධාරීන්  සමග පුද්ගලයින් අට දෙනෙක් පමණ තාරික්ගේ හිසට, පිටුපසට සහා අත්වලට මේ වෙලාවේ පහර දීලා තිබෙනවා. ඉතිං තාරික්ගේ පියා ඉල්ලා සිටින්නේ මේ දරුවාට සාධාරණය ඉටු කරලා දෙන්න කියලා. මේ පොලිස් නිළධාරීන්ට සහ මේ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.

Social Sharing
නවතම