වැටලුවේ ගංජා වලට, නඩු දාන්නේ කුඩු වලට මහරගම උප පොලිස් පරික්ෂකවරයෙක්ගේ වැඩක්.

මහරගම පොලිසියේ අපරාධ අංශය විසින් ගංජා පැකැට්ටුවකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට හෙරොයින් නඩුවක් මහාධිකරණයේ පවරා ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අයිතියට වාර්තා විය.

මහරගම, දුම්රිය පටුමඟ පදිංචි ගංජා සම්බන්ධයෙන් නම් දරා ඇති කුමාර නැමැති පුද්ගලයෙකු පහුගිය මැයි 22 දා මහරගම පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂක දසනායක ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුගේ බිරිඳ ගැබිණියක් වන අතර ඇය ලබන මාසයේ සිය දරුවා ප්‍රසුත කිරිමට නියමිතව ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් මෙම සැකකරුව ගංජා සමඟින් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම වෙනුවට මෙම උප පොලිස් පරික්ෂකවරයා විසින් මොහුට හෙරොයින් මිලිග්‍රෑම් 660 ක් සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් මහධිකරණයේ නඩුවක් පවරා ඇතැයි මෙම සැකකරුගේ බිරිඳ කියයි.

ඇය මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතා වෙත පැමිණිලි කරමින් මහරගම පොලිසියෙන් තම සැමියාට කළ අසාධාරණය සම්බන්ධයෙන් කියා ඇත.

නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතා වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි වීරසිංහ යටතේය. ඒ අනුව පහුගිය මැයි 22 දින මෙම සැකකරු අත්අඩංගුවට ගැනිමට ගිය සියලුම නිලධාරින්ගෙන් පහුගිය 12 දා පොලිස් අධිකාරිවරයා විසින් ප්‍රකාශ ලබා ගෙන ඇතැයිද අයිතිය වෙත වාර්තා විය.

මෙම චෝදනාවට ලක්ව සිටින උප පොලිස් පරික්ෂකවරයා 2015 වසරේ පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති අයෙක් වන අතර මොහු පුත්තලම ප්‍රදේශයේ සිට මහරගම පොලිස් ස්ථානයට ස්ථාන මාරු ලබා ඇති අයෙකි.

Social Sharing
නවතම