කිසිදු ආකාරයේ මුදල් අච්චු ගැසීමක් සිදු වී නෑ – දයාසිරි

ආණ්ඩුව විදිහට අපි විශාල මුදලක් අච්චු ගසා ඇති බවට විපක්ෂය චෝදනා කර සිටි නමුත් කිසිදු ආකාරයේ මුදල් නෝට්ටු අච්චු ගැසීමක් සිදුව නොමැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ගිය සතියේ හර්ෂ ද සිල්වා මහතා විසින් මිලියන 200 ක් අච්චු ගසා ඇති බවට චෝදනා කර සිටි අතර එය අසත්‍යයක් බවත් මුදල් නොට්ටු අච්චු ගසන්නේ නම් අනිවාර්යෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මහ බැංකු අධිපති ලක්ෂ්මන් මහතාද  අත්සන් කළ යුතුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම එවැනි මුදල් නෝට්ටු ලංකාවේ කොහෙන්වත් සොයා ගත නොහැකි බවද දයාසිරි ජයසේකර මහතා කියයි.

නමුත් මේ වන විට ලංකාවේ ආර්ථිකයේ විශාල ගැටලු පැන නැඟි ඇති බව සඳහන් කරන ඔහු කියා සිටින්නේ කොවිඩ් 19 වසංගත කාලය තුල බැංකු වල තිබු බිලියන 140 ක මුදල් සංචිත විශාල වශයෙන් අඩු වු බවත් ඒ අඩුව නැවත පිරවීම මහා බැංකුවේ කාර්යයක් බවය.

මුල්‍ය පද්ධතිය කඩා නොවැටෙන්න නම් ඒ හා සමාන මුදලක් මහ බැංකුව අනෙක් බැංකු වෙත මුදා හැරිය යුතු බවත් ඒ අනුව මහ බැංකුව බිලියන 200 ක් පමණ මුදා හැරීමක් පමණක් සිදු වු අතර මුදල් අච්චු ගැසීමක් සිදු වුයේ නැති බවද ඔහු අවධාරණය කර සිටියි.

මහ බැංකුව සතු මුදල් වලින් මෙම මුදල් මුදා හැර ඇතැයිද ඔහු කියා සිටියි.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ඔහු මෙසේද පැවසුවේය.

Social Sharing
නවතම