ආදාහනයට විරුද්ධ වීම ඇතුළු හේතු නිසා කොරෝනා මළ සිරුරු ගොඩගැසෙයි!

කොළඹ ජාතික රෝහලේ, ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය  දැඩි අවදානම් තත්තවයකට පත් කරමින් කොවිඩ් 19 ආසාදිත මෘතදේහ 16 ක් ගොඩ ගැසී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කොවිඩ් 19 ආසාදිතයෙකු මිය ගොස් පැය 24 ක් තුල ආරක්ෂාකාරී ලෙස එය ආදාහනය කළ යුතු වුවත් එසේ කිරීමට නොහැකි වූ මෘත දේහ 16 ක් මෙලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ගොඩ ගැසී ඇත.

මාලිගාවත්තේ පස් දෙනෙකු, මරදානේ තිදෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් තිදෙනෙකු,  කොම්පඤ්ඤ වීදියේ දෙදෙනකු, මෝදර, දෙමටගොඩ, ගොතටුව යන ප්‍රදේශ වලින්  එක් අයෙකු බැගින් මෙලෙස මෘත ශරීර ගොඩ ගැසි ඇත. මින් 14 කුම පිරිමි පුද්ගලයින්ය.

මෙම මිය ගිය ඇතැමුන්ගේ ඥතින් ආදාහනයට විරුද්ධ වීම, මළ සිරරු භාර නොගැනීම ආදි විවිධ කරුණු නිසා මෙලෙස මළ සිරුරු ගොඩ ගැසී ඇති අතර ඇතැම් ඒවා දින 10 කටත් වැඩි ඒවා බවද පැවසේ.

මෙහි අධිශීතකරණ පහසුකම් ඇත්තේ 20 ක් පමණ වන අතර මේ මළ සිරුරු 16 ක්ම එහි තැන්පත් කර ඇත. තවත් ඉඩ ඇත්තේ මළ සිරුරු හතරකට පමණි. මේ නිසා එහි සෞඛ්‍ය සේවකයින් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.

Social Sharing
නවතම